කිරට
හඬනා කිරිසප්පයෝ !
ඉන්දියාවේ ඕනෑම කුඩා
නගරයක පෙට්ටි කඩයකින් උණුසුම් දියර කිරි වීදුරුවක් ලබා ගත හැකිය. තේ කෝපි හෝ
කොකෝවා මිශ්‍ර කොට දියර කිරි පානය කරන අය ද තනිකර දියර කිරි පානය කරන අය ද
ඉන්දියාවේ සිටිති. මිශ්‍ර කළත් - නැතත් කිරි වීදුරුවක මිල ඉතා අඩුය. ඉන්දියාව
කිරිපිටි ආනයනය කරන්නේ නැත. කිරි නිෂ්පාදනය ජාතික ව්‍යාපාරයක් ලෙස ඉන්දියාව
සාර්ථකව ඉදිරියට ගෙන යයි. එය අමුල් ව්‍යාපාරය ලෙස හඳුන්වා ඇත. අමුල් ව්‍යාපාරයේ
සමුපකාර සමිති ඉන්දියාව පුරා ව්‍යාප්තව පවතී. මේ නිසා ජනතාවට අවශ්‍ය පෝෂණය
පහසුවෙන් ලැබෙයි. කිරි ගොවියාගේ ආර්ථිකය ද සතුටුදායක ය. අපට මෙබඳු වැඩසටහනක්
නැත්තේ ඇයි?
කිරි
හා සත්ත්ව ආහාර ප්‍රවර්ධනයට වහාම පියවර ගන්නැ’යි ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස්
ලබා දී ඇත. මෙහිදී කෙටිකාලීන හා දිගුකාලීන වැඩසටහන් කෙරෙහි අවධානය යොමු කරන ලෙසත්
ඒ සඳහා රාජ්‍ය, පෞද්ගලික හා කුඩා සමාගම්
යොමු කරන ලෙසත් ජනාධිපතිවරයා ඉල්ලා සිටී. අපේ ජාතික කිරි අවශ්‍යතාවෙන් 40%ක
ප්‍රමාණය සපුරා ගන්නට ද දේශීය කිරි නිෂ්පාදනය සමත් වී නැත. විදේශවලින් ගෙන්වන
කිරිපිටිවල ඌරු තෙල් හා වෙනත් රසායනිකයන් ඇති බව තහවුරු වී ඇතත් පිටිකිරි අලෙවිය
අඩු වී නැත. ඉන් හැඟෙන්නේ කිරිපිටි ආනයනය අත්‍යවශ්‍ය සාධකයක් වී හමාර බවය. මෙය
හොඳ දෙයක් නොවේ.
කිරිපිටි
මිල දිනෙන් දින ඉහළ යයි. බිත්තර මිල ද ඊට නොදෙවැනි ලෙස ඉහළ යයි. මාළු මිලෙහි
තත්ත්වය ද ඊට වඩා වෙනස් නැත. ශ්‍රී ලංකාවට මේ සාධක තුනෙන්ම ස්වයංපෝෂිත විය හැකිය.
එලෙසම ජාතික ආර්ථිකයට ඒ මගින් ලබා දිය හැකි දායකත්වය ද ඉහළ නංවා ගත හැකි ය. එකිනෙක
ආණ්ඩු විවිධ සැලසුම් ඉදිරිපත් කොට ක්‍රියාවට නංවා ඇති නමුදු ඉහත ක්ෂේත්‍ර තුනම
සැලැකිය යුතු දියුණුවක් ලබා නැත. කිරි ගොවියා ගතහොත් අන්ත දුප්පත්ය. බිත්තර නිෂ්පාදනය
පුළුල් කිරීමට සාර්ථක වැඩටසටහනක් නැත. ලිබියාව තට්ටු නිවාසවලද කුකුළන් ඇති කිරීමට
අවසර දී තිබේ.
ගව
කිරි නිෂ්පාදනයට අවශ්‍ය බොහෝ පහසුකම් රට තුළ තිබේ. තෘණ භූමි,
කාලගුණය, ජලය
යන ස්වාභාවික සම්පත්වලින් අපට අඩුවක් නැත. එහෙත් කිරි ගොවියා සංවිධානගත නැත. නූතන
තාක්ෂණය ඔහුට හුරු නැත. කිරි නිෂ්පාදනය තවම සිදුවන්නේ සාම්ප්‍රදායක විධි - නියමවලට
අනුවය. එළදෙනකගේ කිරි සාඵල්‍යතාව ඇත්තේ ඉතා අඩු මට්ටමකය. ගවයන්ට වැලඳෙන රෝග
වැළැක්වීම සඳහා නිසි පියවර ගන්නා ගොවියන් ද අඩු ය. හැම පැත්තෙන්ම පෙනී යන්නේ කිරි
නිෂ්පාදනය අඩු කරන හේතු සාධක මිස නිෂ්පාදනය වැඩි කරන හේතු - සාධක නොවේ. කිරි
ලීටරයක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන මුදල වැඩිය.
කිරි
නිෂ්පාදනයේ දී සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු දෙකක් ඇත. පළමුවන්න දේශීය කිරි අවශ්‍යතාව
සපුරමින් ජාතියේ සෞඛ්‍යය සුරක්ෂිත කිරීමය. දෙවැන්න කිරි ගොවියාගේ ආර්ථිකය ශක්තිමත්
කිරීමය. මේ දෙකම කළ හැක්කේ ශක්තිමත් ජාතික වැඩපිළිවෙළක් ඔස්සේය. ජනාධිපතිවරයාගේ
‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රකාශනයෙහි සඳහන් වන අන්දමට ඉදිරි වසර පහ තුළදී ශ්‍රී ලංකාව
කිරෙන් ස්වයංපෝෂිත විය යුතුය. එය පහසු කටයුත්තක් නොවේ. පළමුව කිරි ගොවියා ශක්තිමත්
කොට නිෂ්පාදන ක්ෂණිකව රට පුරා බෙදාහැරිය හැකි ක්‍රමයක් හඳුන්වා දිය යුතුය. දියර
කිරි ජනප්‍රිය කරවීම දෙවන අභියෝගය ලෙස පවතී. තවම අපේ මිනිස්සු පිටිකිරට කැමැති
වෙති.
කිරි
සාඵල්‍යතාව වැඩි දෙනුන් පිටරටින් ගෙන්වා මෙරට තුළ ඇති කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක
වෙයි. එහි ද විවිධාකාර අවුල් පවතී. රටට හා රටේ දේශගුණයට ගැළපෙන දෙනුන් පිටරටින්
ගෙන්වා ගත යුතුය. එකිනෙක ප්‍රදේශවල ගොවියන්ට දෙනුන් භාර දිය යුත්තේ එම ප්‍රදේශවල
පරිසරයට එම දෙනුන් හරියට ම ගැළපෙන්නේ නම්; පමණි.
පරිසරයට ඔරොත්තු නොදෙන සත්තු වහා විනාශ වෙති. දෙනුන්ගේ තත්ත්වය එයයි. ආනයන කළ
දෙනුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මිය ගිය බව ද වාර්තා වී ඇත. මෙවර පිටරටින්
ගෙන්වන දෙනුන්ට එම ඉරණම අත් නොවීමට කටයුතු කරන්නට පියවර ගත යුතුව තිබේ.
සාඵල්‍යතාවෙන්
වැඩි දෙනුන් පහළොස් දහසක් පිටරටින් ගෙන්වා රට පුරා ගොවීන් අතර බෙදා හැරීමට
වැඩසටහනක් සැලසුම් කර තිබේ. මෙහි දී ගොවියනට සත්ව පාලනය සම්බන්ධයෙන් කෙටිකාලීන
පුහුණුවක් ලබාදීමට ද තීන්දු කර ඇත. එය වැදගත්ය. රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ
සංවර්ධනය සඳහා පර්යේෂණ හා නව අත්හදාබැලීම් අවශ්‍ය වෙයි. මේ කෙරෙහි අපගේ අවධානය
යොමු වී ඇත්තේ ඉතා අඩුවෙන්ය. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය
හා ඉන්දියාව වැනි රටවල් නිතිපතාම පර්යේෂණවල යෙදෙති. ගොවියෝ පුහුණු කරති. නව
අත්හදාබැලීම් සිදු කරති. මේ සියල්ල ශ්‍රී ලංකාව තුළ ද නොඅඩුව සිදු විය යුතුය. අප
ඉලක්කයක් කරා හඹා යා යුතුය.
සත්ත්ව පාලනය සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට මස් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන දහසයක මුදලක් උපයා ගැනීමට රජය අපේක්ෂා කරයි. ඒ කෙටි කාලයක් තුළය. ඉලක්කය ඉතා වැදගත්ය. දියර කිරි නිෂ්පාදන ඉලක්කය වෙත කිරි ගොවියා යොමු කරවීම ඊටත් වඩා වැදගත්ය. ගොවියා සවි බල ගැන්වීමකින් තොරව කිරි නිෂ්පාදනය වැඩි කළ නොහැකිය. රටේ ජනතාවගේ සෞඛ්‍යය හා පෝෂණය දෙස අවධානය යොමු කරන විට ගව කිරි අතිශයින්ම වැදගත් සාධකයකි. මව්කිරිවලට විකල්පයක් නැතත් එයට ඇති ආසන්න ව්‍යතිරේකය ගවකිරි ලෙස සලකනු ලැබේ. එහෙත් අපි තවම කිරට හඬන කිරි සප්පයෝ වන්නෙමු.
සමේලා රාජපක්ෂ
කොළඹ විශ්ව
විශ්වවිද්‍යාලය
ශ්‍රී පාලි මණ්ඩපය
© අසීමාන්තික WEB MAGAZINE
Comments
Post a Comment