ශීත ඝෘතුවේ කිතු උපත සමරන අසිරිමත් නත්තල
සෑම අවුරුද්දක්ම අවසානයේ සීතල දෙසැම්බරයේ දී පවත්වනු ලබන ජාති ආගම් භේදවලින් තොර ව කොයි කවුරුත් ආදරය කරන උත්සවයක් ලෙස නත්තල හැඳින්විය හැකි ය. නත්තල් උත්සවය සේ සමරන්නේ කතෝලික ආගමේ ශාස්තෘවරයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය යි. සත්‍ය ලෙස ම පවසතොත් නත්තල යනු ලෝකය වෙනස් කළ දිනයකි. යුධ ගිනි අතර පිපි සාමයේ කුසුමක් වන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එම උත්පත්තිය සමරන්නේ මේ දිනයේ දී ය. ජීවිතය අත්හැර යන්නට සිටි මිනිසුන්ට ජීවිතය පිළිබඳ නැවුම් බලාපොරොත්තු ඇති වූ දිනය යි. ලෝකයට සාමයේ පණිවුඩය ලබා දුන් දිනය යි.
යොෂුවා- බෙන්- යෙසුෆ් :ශැයදියම් ඊැබ ශදිැf* හෙවත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ලෝකයේ අති බහුතරයක් කිතුණුවන් සමරන්නේ දෙසැම්බර් 25වන දිනයි. ජේසුස් වහන්සේ හෙවත් ක්‍රිස්තුන් වහන්සේ බෙත්ලෙහෙම් නුවර දී මරිය තුමියට සහ තම සුරැකි පියා වන ජුසේ තුමාට දාව උපන් බව කියැවේ.
නත්තල් දා ලොවට සාමයේ පණිවිඩය රැගෙන ආ ජේසු බිළිඳුන්ගේ උපත කිතු ජනයා ඉතා ඉහළින් මෙන්ම උත්සවාකාරයෙන් සමරති. ක්‍රි.පු.36 - ක්‍රි.ව.14 අතර කාලයේ පලස්තීනය ඔක්ටේවියස් ඔගස්ටස් නම් රෝම අධිරාජ්‍යයාට යටත් ව ඔහුගේ යටත් නියෝජිතයකු වු හෙරෝද් රජු විසින් පාලනය කරන ලදී. යටත් වැසියන්ගේ සංගණනයක් සඳහා බෙත්ලෙහෙම් පුරයට එන ලෙස තම යටත් වැසියන්ට රෝම බලධාරීහු අණ කළහ.
එයට සහභාගී වීම පිණිස නසරෙත් නම් ගමේ විසු ජුසේ නමැති වඩු කාර්මිකයා තම ගැබිනි බිරිය වු මරියා සමඟ සැන්දෑවේ බෙත්ලෙහෙම් පුරයට පැමිණ නවාතැන් ගැනීමට තැනක් සෙව්වද සොයාගත නොහැකි විය. අවසානයේ ගව ලෙනක නවාතැන් ගැනීමට ඔවුන්ට සිදු විය. එදින රාත්‍රියේ මරිය තුමිය පින්වත් යේසුස් බිළිඳා බිහි කළාය. මෙම අසිරිමත් දිනයේ අහසේ සිදු වු වල්ගා තාරකාවක බැබළීම දුටු ප්‍රඥාවන්තයෝ තිදෙනෙක් ඒ ආලෝකය ඔස්සේ බෙත්ලෙහෙමේ බිළිඳුන් උපන් ස්ථානයට පැමිණ ලෝකයට ඉමහත් සේවයක් කරන උතුම් උපතක් සිදු වී ඇති බව අවබෝධ කරගෙන තමන් රැගෙන ආ පඬුරුවලින් බිළිඳු පිදූහ. ඒ නත්තල් උත්සවයට හේතු වු අසිරිමත් සිදුවීමයි.
සිහිපත් කිරීම යනු කිතුනු බැතිමතුන් නත්තල සමරන ප්‍රධාන මාර්ගයකි. ක්‍රිස්තියානි ජනයා දෙසැම්බර් 24 වැනිදා මැදියම් රෑ දෙව් මැදුරුවලට ගොස් දේව පුජාවට සහභාගී වෙති. අනතුරුව එළැඹෙන 25 වැනි දින මහත් උත්සවශ්‍රීයෙන් කටයුතු කරති. නත්තල් ගස්, විදුලි බුබුලු සහ විසිතුරු සැරසිලිවලින් අලංකාර කරනු ලැබේ. එමෙන් ම ක්‍රිස්තු තුමන්ගේ උපත සිහිපත් කෙරෙන නාට්‍ය රඟ දැක්වීමේ සහ නත්තල් ගීත :ක්යරසිඑප්ි ක්්රදකි* ගායනා කිරීමේ කටයුතු වල නිරත වෙති. සමහර නිවෙස්වල කිතු උපත සංකේතවත් කරමින් ජේසු තුමන් ඉපදුණු ගවලෙන සහ අදාළ චරිත කලාත්මක ප්රතිරූප වලින් නිරූපණය කෙරෙයි.
නත්තල් ගස ශීත ඍතුවේ සීතල රාත්‍රී කාලයේදී පවා ජීවිතය සශ්‍රීක වීම පෙන්වන නිහඬ හඬක් සහ දීප්තිමත් මතකයන් පෙන්වන සලකුණක් ලෙස ලොව පුරා නිවෙස් හා නගරවල නත්තලේ පොදු ලාංඡනයක් බවට පත් ව ඇත.
නත්තල් සීයා යනු නත්තලේ අසිරියයි. නත්තලේ සංකේතයයි. සැන්ට ක්ලෝස් හෙවත් නත්තල් සීයා, ශාන්ත නිකලස්, ෆාදර් ක්‍රිස්මස් (නත්තල් පප්පා) ලෙස ද හැඳින්වෙයි. බොහෝ බටහිර රටවල මේ චරිතය හඳුන්වන්නේ නත්තලට පෙරදා හැන්දෑවේ තෑගි බෝග ගෙනෙන සුවිශේෂ පුද්ගලයකු ලෙස ය. ලොව පුරා සියලු කතෝලික ජනතාව මෙන් ම කතෝලික නොවන ජනතාව ද අසිරිමත් නත්තල් දින සැමරීමට එක්ව සිටීම විශේෂත්වයකි.
ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය නම් ප්‍රේමය යි. එනිසා සැමට ප්‍රේම කරමින් නත්තලේ සැබෑ සතුට භුක්ති විඳිමින් වර්ෂය පුරා ම මනුසත් බව පතුරවමින් උන්වහන්සේව සිය හදවත තුළ ජීවමාන කළ යුතු ය. සැබෑ නත්තල එක් දිනයක නොව මුළු වර්ෂය පුරා ම එක සේ සැමරිය යුතු ය. ප්‍රේමය හා සාමය බෙදාගැනීමේ මංගල්‍යය වන නත්තලේ සැබෑ කිතු උපත සිදුවන්නේ නිහතමානි ආදරවන්ත සිත් තුළ පමණි. එය එසේ නම් සැමදා අප සමරන්නේ සැබෑ නත්තල් දිනයක් ම ය.
දිනිති හසින්තා
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
© අසීමාන්තික WEB MAGAZINE
සයිබර් අවකාශයේ අසීමාන්තිකව කියවන්න
Comments
Post a Comment