"උමා ඔය මහා ජල විනාශය සහ බණ්ඩාරවෙල"
මතුපිටින් බලන කල මේ රටේ කුමන ඉසව්වක්ද? යන්න බොහෝ අය විමසනු ඇත.මේ රටේ අන් කවර පෙදෙසක්වත් නොව ඌව පළාතේ බදුල්ල
දිස්ත්රික්කයට අයත් බණ්ඩාරවෙල මකුල්ඇල්ල අඹදණ්ඩේගම ගම්ම්මානයයි.බණ්ඩාරවෙල නගරයේ
සිට 7Km
පමණ නුදුරින් පිහිටි මෙම අතිශය සුන්දර
ගම්මානය ගොවිතැන මූලික කරගත් කෘෂිකාර්මික පරිසරයක් පිළිබිඹු කරයි.සැබෑම පිහිටීම
ගවේෂණය කරන විට බණ්ඩාරවෙල නගරයට 7km පමණ
නුදුරින් ශ්රී ලාංකීය ගංගා පද්ධතියේ සුවිශේෂීතම ගංගා ද්රෝණියක් ලෙස සැළකෙන 117 km ක දිගින්
යුතු කිරිදි ඔයේ ජල පෝෂක ප්රදේශයේ රාවණා ඇල්ල රක්ෂිතය ආසන්නයේම පිහිටා ඇත.පහත ජායාරූපයේ නුදුරින්
පෙනෙන රූස්ස ගස් මාලාවෙන් එපිට ඇත්තේ රාවණා ඇල්ල රක්ෂිතයෙන් සමන්විත ලාංකීය සංචාරක
කර්මාන්තයේ සුන්දරතම පාරාදීසයකි.
මෙම ප්රදේශය සම්බන්ධයෙන් ඉතා සංවාදාත්මකව රට පුරා කථා බහට ලක්වූයේ පසුගිය 2008-2013 අවධියේදී ක්රියාවට නැංවූ උමා ඔය ජල ව්යාපෘතියත් සමගය.එනම් එවකට බලයේ සිටි රජය විසින් ග්රෙගරි වැව ඉහත්තාවෙන් ආරම්භ වී වැලිමඩ හරහා සේන්දු වන උමා ඔයෙහි ජලය
බණ්ඩාරවෙල,වැල්ලවාය හරහා රටේ අර්ධ ශුෂ්ක කලාපයේ පිහිටි හම්බන්තොට දිස්ත්රික්කයට විශාල ජල නලයක් හරහා ජලය ගෙන යෑමට තීන්දු තීරණ ගන්නා ලදී. එහෙත් එක් පෙදෙසක ජනයාට සංවර්ධන යෝජනා ක්රමයක් ලෙස පෙනුනු එම ව්යාපෘතිය
කිරිදි ඔය ඉහත්තාවේ ඇති බණ්ඩාරවෙල ආශ්රිත ප්රදේශයට නම් සිදුකළේ තිබූ මූලිකම ජල සම්පතද නැති කිරීමය.වර්ෂ 2008 දී ආරම්භ වුණු මෙම ව්යාපෘතිය
යටතේ කිලෝමීටර 23.2
ක් දිගකින් යුතු භූගත සුවිශාල නලයක් ඔස්සේ
භූගත ජලය ගෙනගොස් පොළොව අභ්යන්තරයේම
මෙගා වොට් 300
ක විදුලි බලයක් නිපදවන භූගත විදුලි
බලාගාරයක්ද අනෙක් ජල අතිරික්තය ලංකාවේ දකුණු දෙසට ගෙන යෑමටද තීරණයක් ගන්නා ලදී.
එකී ව්යාපෘතිය ආරම්භ කළ අවස්ථාවේ වැලිමඩ සිට බණ්ඩාරවෙල හරහා ඌව කරදගොල්ල තෙක් මේ හරහා ආපදාවට ලක්වූ බොහෝ අයට වන්දි මුදල් පිරිනැමූවද ගෙවූ වන්දියට එහා ගිය යුගයක පරිහානියක් මේ හරහා සිදුවෙනු ඇතැයි එම ප්රදේශවල ජනයා කිසිලෙසකින්වත් නොසිතූහ.එනම් මේ තුළින් අදාල බණ්ඩාරවෙල මූලික කරගත් ප්රදේශයේ සමස්ථ ජල ඇතිරිල්ලම අදාල ජල නලය වෙත ඇද ගන්නා ලදී.මෙයින් විනාශය ආරම්භ විය.කිරිදි ඔය මූලාරම්භය වන නායබැද්ද කදු ආශ්රිතව ජල පෝෂක ප්රදේශයක මෙම ගම්මාන පිහිටියද අද වන විට ගම්මුන්ගේ මූලිකම අවශ්යතාවයන් සරි කරගැනීමට තරම්වත් ජල බිදක් හෝ නොමැති තත්වයක් උදාවී ඇත.වැලිමඩ සිට මෙම ව්යාපෘතියේ ජලය රැගෙන යන ප්රධානතම ජල නලය අඹදණ්ඩේගම ගම්මානය මධ්යයෙන්ම විහිදී ඇත.එමෙන්ම ඌව කරදගොල්ල උමා ඔය ප්රාදේශීය මධ්යස්ථානයද මේ අසලම පිහිටා ඇත.මේ නිසාවෙන්ම උමා ඔය මහා ජල විනාශය වෙත මෙම ගම්මාන වලට ඛේදනීය ලෙස මුහුණ දීමට සිදු විය.
වෙනදා අඹදණ්ඩේගම ගම්මානයේ තම දෝතින්ම ජලය ගැනීමට හැකිව උතුරා ගිය වගා ළිං
ආදියෙහි අද ජලය මුළුමනින්ම වියළී ගොසින්ය.වර්ෂ 2008 ට පෙර කාලයේ මඩ ගොහුරු වෙන්නට තරමට තැන්න පුරා වගා භූමී තුළ දළුලමින් ජල
සම්පත තිබූ බවට ප්රදේශවාසීන්ගේ කදුළු සාක්ශි දරයි.ගම්මුන්ගේ අදහස අනුව නම් මෙයින් වසර තුන්
හාරසීයකටවත් කමා කළ නොහැකි අන්දමේ විනාශයක් සිදුවී ඇති අතර නැවත අදාල ජල ස්ථරය
නිර්මාණය වීමට කාලය නිසැකවම ගත වනු ඇත.අනෙක් අතට මෙය ප්රබල ලෙසම අඹදණ්ඩේගම ආදී ප්රදේශයන්ට බලපාන ලද්දේ මුළු රටේම සාගින්න නිවිය හැකි ඉසව්වක් වීම
හේතුවෙනි.එනම් පෙර කාලයේදී වී ප්රධාන භෝගය
කොට ගෙන ඊට අමතරව තක්කාලි,කැරට්,බෝංචි,ගෝවා ආදී ඕනෑම එළවළුවක් මහා පරිමාණයෙන් වගා කර කැපී පෙනෙන අස්වැන්නක් ලබාගත
හැකි වී ඇත.අදටත් බණ්ඩාරවෙල ආර්ථික මධ්යස්ථානය වෙත එකතු වන ඌව පළාතේ එළවළු වලින් සැළකිය යුතු බලපෑමක් මෙම ප්රදේශයන්ගේ ගොවීන් සිදු කරයි.
අද්යතනයේදීත් එළවළු වගාව ගම්මුන්ගේ ධෛර්යය මත අත් නොහැරියද මහා පරිමාණයෙන් වගා
කිරීමට තරම් පෙර මෙන් ජලය නොමැත.තම ජීවිකාව කෙසේ හෝ රැක ගැනීම වෙනුවෙන් කුඩා ජල
සම්පාදන යෝජනා ක්රම මගින් හීන් නූලට තම වගා කටයුතු සිදු කරගෙන යයි.මෙකී විනාශයත් සමග ජල
සම්පත නැතිවීමට අමතරව බොහෝ අයගේ දේපලද අනතුරුදායක තත්වයකට පත් විය.සරලවම කිවහොත්
මෙම ප්රදේශයන්හි සමස්ථ ආර්ථිකයට උමා ඔය ව්යාපෘතිය එල්ල කරනු ලැබුවේ මරු පහරකි.සරුසාර කෘෂිකාර්මික සංස්කෘතියක් නඩත්තු
කරමින් චිරාත් කාලයක් ඔස්සේ රටේ සැබෑම බුද්ධිමතුන් බොහොමයක් බිහි කළ පළාතක් බවට
බොහෝ සාක්ෂි ඉතිහාසය පසක් කරනු ඇත.පසුගිය 2015-2019 අවධිය තුළ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ හිටපු නියෝජ්ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාද මෙම අඹදණ්ඩේගම ගම්මානයෙන් බිහිවීම ඉහත
කාරණය මොනවට කියාපානු ලබයි.
කෙසේ වෙතත් සිදුවන්නට තිබුණු සියල්ල සිදුවී හමාරය.පසුගිය රජයන්හි තිබූ අදූරදර්ශී දේශපාලනික තීන්දු තීරණ නිසා පරම්පරා ගණනාවක එම ප්රදේශයේ අනාගතය අදුරු වළාවක් බවට පත් කරන ලදී.රටක බඩගින්න නිවිය හැකි මෙවැනි සාරවත් පෙදෙසකට වූ ඉරණම කියා නිම කළ නොහැකිය.එය පරම්පරා ගණනාවක් යනතුරුම වළක්වාලිය නොහැකි පාඩුවකි.අද බණ්ඩාරවෙල බොහෝ ජනතාවගේ කදුලු පවසන්නේ එම කථාවයි.වර්ෂ 2013 වැනි කාලයකදී ඊට විරුද්ධව රැළි මාලාවක් ඔස්සේ මෙයට විරුද්ධ වන්නට උත්සහ කළද ඒ සියල්ල අවසානයේ ව්යර්ථ විය.එහෙත් එම රජයන්හි පැවති එම අදූරදර්ශී ක්රියා පිළිවෙත් 2015 ආණ්ඩු පෙරළියටද බොහෝ සෙයින් බලපාන ලදි.එහෙත් ඔවුන් ද උමා ඔය වසන්තයක් කරගත්තා මිස පැහැදිලි විසදුමක් කිසිවෙකුත් ලබා නොදෙන ලදී.
කෙසේ වෙතත් කේදනීයම තත්වය වනුයේ පසුගිය මහ මැතිවරණයේදී ද මෙම විනාශකාරී ව්යාපෘතිය ගෙන ඒමට කටයුතු කළ දේශපාලකයා එක් දිස්ත්රික්කයක වැඩිම මනාප ගැනීමටත්,මේ වෙනුවෙන් පැහැදිලි විරෝධීත්වය වෙනුවෙන් පෙනී සිටි සමන්ත විද්යාරත්න වැනි සැබෑම දේශපාලකයන් ගෙදර යැවීමත්ය.මේ හරහා ලොවටම හඩගා කියනු
ලැබුවේ අන් කිසිවක් නොව දේශපාලනය යන්න තවදුරටත් ලැජ්ජාව උඩම කළ හැක්කක් බවයි.කොයි
ආකාරයෙන් බැලුවත් සිදු වූ දේ පිළිබදවම සිතමින් සිටීමෙන්ද ඵලක් නොවේ.කළ හැක්කේ
කුමක්ද?
යන පැනයට නිසැකවම පිළිතුරු සැපයිය යුතුම
වේ.
එහිදී යළි
මෙවැනි අදූරදර්ශී යුගයක් අදුරු කරවන ව්යාපෘති ක්රියාවට නංවාලීම් වැළක්වීම උදෙසා මහජන නියෝජිතයන් ප්රමුඛව ජනතාව,මතින් ප්රබල ජාතික සංවාදයක් ඇති කල යුතුවම ඇත.එලෙසම මේ වූ දැවැන්ත හානිය වෙනුවෙන්
අදටත් බොහෝ ගැටලු වලට මුහුණ දෙන බණ්ඩාරවෙල ජනතාව සහ ඔවුන්ගේ ජල සම්පත වෙනුවෙන්
උපරිම සාධාරණය ඉටු කිරීමටද අදාල ප්රදේශයන් නියෝජනය කරන මහජන නියෝජිතයන්ට පැවරෙන මහගු වගකීමකි.
පසුගිය කාලයේ සිංහරාජය,විල්පත්තුව,ආනවිලුන්දාව,ලග්ගල ආදී බොහෝ ප්රදේශවල ද
මෙවැනි ස්වාභාවික සම්පත් විනාශ කරමින් කරන්නට යන සංවර්ධනය මුවාවෙන් සිදු කරන
දේශපාලන ව්යාපෘති ලෙස පෙන්වා දිය හැක.මාධ්ය හෙළිකිරීම් සහ ජනතා මැදිහත්වීම් තුළ වියැකුණා මිසක පවතින රජයන් නම් ගත්
පියවරක් නම් නොපෙනේ.එහෙත් යම් කිසි ලෙසකින් හෝ මේවා ක්රියාවට නැංවුවහොත් එය පරම්පරා ගණනාවක මානව සංහතියට බාධා පමුණුවනු නිසැකය.අප
වැනි තෙවෙනි ලෝකයේ රටකට සැබෑ සංවර්ධනය යන්න නිරතුරුවම අත්යවශ්ය කාරණාවකි.එහෙත් එය අද පවතින සම්පත් ද ආරක්ෂා කරගනිමින් ක්රියාවට නංවන තිරසාර සංවර්ධනයක්(Sustainable Development) විය යුතුමය.ඒ නිසාවෙන් හුදෙක් පටු දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් සහ
සංවර්ධනය මුවාවෙන් ගොඩනැගෙන මෙවැනි විනාශකාරී ව්යාපෘතීන් වලට විරුද්ධව එක්ව නැගී සිටීම ප්රබල මානව අයිතිවාසිකමක් බවට ඉදිරි දශක කිහිපය තුළදී පත් කරගත යුතුවම ඇත.
එසේ කළහොත් පමණක් මෙවැනි දේශද්රෝහී ක්‍රියා පරාජය කරමින් සාධනීය තිරසාර රාජ්යක් මතු පරම්පරා වෙත උරුම කරලිය හැක.
සහන් ඇලෙක්සැන්ඩර්
ජනමාධ්‍ය අධ්‍යනාංශය
කොළඹ විශ්වවිද්‍යාලය
ශ්‍රිපාලි
මණ්ඩපය
© අසීමාන්තික WEB MAGAZINE
Comments
Post a Comment