පාන් හදන තිරිගු

අපේ රටේ ප්‍රධාන ආහාරය බත් වුවත් ඒත් තරමටම සමාජය තුළ ප්‍රචලිත ආහාරයකි පාන්. එහි ඇති රසයට අමතරව පහසුවෙන් ක‍ටේ දමා ගෙන දුව යා හැකි නිසාත් පාන්, බනිස්, පැටිස්, රෝල්ස් වැනි පාන් පිටි ආශ්‍රිත ආහාරවලට කුඩා ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා බොහෝ දෙනා ඉතා ප්‍රිය කරයි. බොහොමයක් ළමයින් බිම ඉහිරවා ගන්නේ නැතිව සීරුවට බත් සහ වෑංජන අනමින් බත් කෑමට දැඩි අකමැත්තක් දක්වයි. අද අපේ රටේ පාසල් ළමයින්ගෙන් බොහෝදෙනෙකුට දියවැඩියා රෝගය වැළඳීමට හේතු වී ඇත්තේ මේ පාන් පිටි ආහාර බව වෛද්‍යවරු පවසයි. බත් සහ වෙනත් හාල්පිටි කෑම වලට බොහෝ අය නම් පාන් ප්‍රධාන ආහාර වේලක් ලෙස එක් කර ගැනීමට දැඩි අකමැත්තක් දක්වයි.

සාමාන්යයෙන් ආහාරයට ගන්නා පාන් සහ පාන් පිටි නිෂ්පාදන කුරුට්ට 100%ම ඉවත් කළ පිටි වලින් සකස් කර ඇති නිසා අපට ලැබෙන්නේ පිෂ්ටය පමණි.

පාන් සහ පාන්පිටි අපට හඳුන්වා දුන්නේ ක්‍රි. ව. 1505 දී පෘතුගීසීනි විසිනි.  පාන් පිටි තිරිඟු ශාකයේ අස්වැන්නෙන් සකස් කර ගනු ලබයි.  තිරිගු ලෝකය වගා කරන ප්‍රධාන ආහාර භෝගයකි.  යුරෝපීය සහ උතුරු ඇමරිකානු සංස්කෘතියේ වැදගත්ම ආහාරයි. ආසියාව තිරිගු ආනයනය කරන ප්‍රධානම කලාපයයි. ඇමරිකව, එක්සත් ජනපදය, රුසියාව, ඉන්දියාව, චීනය ප්‍රම්‍රඛ තිරිගු වගාකරුවන් වේ.

තිරිගු තෘණ වර්ගයේ ගසකි. අඩි දෙකත් හතරත් අතර උස්ව වැඩේ. පැසුණු  කරල්වලින් ගන්නා ධාන්‍ය කුඩු කිරීමෙන් පිටි ලබාගනී. එම පිටිවලට ජලය එක්කළ විට එහි ප්‍රෝටීන සංකීර්ණයක් වන ග්ලුටන් වර්ධනය වෙයි. අනාගත් පිටි මෝලියට ඇදෙන සුළු ගතිය ලබා දෙන්නේ එයයි. එහි ප්‍රතිඵලයක් ලෙස කේක් පාන් වැනි මෘදු ආහාර සැකසීමේ හැකියාව ලැබේ. නමුත් මෙම ප්රෝටීන ඇතැම් අයට අහිතකරව බලපායි. තත්ත්වය සුෂිරික ආබාධය ලෙසින් හැඳින්වේ. උදරය විශාල වීම, වමනය, පාචනය, බර අඩු වීම හෝ ළමයින් මිටි වීම සහ වෙහෙස එහි රෝග ලක්ෂණයන් වේ. ග්ලුටන් අඩංගු වන ආහාර සීමා සහිතව ආහාරයට ගැනීම මෙයට එකම විසදුම වේ.


තිරිගු ප්‍රධාන කොටස් තුනකි.

කුරුට්ට - ධාන්‍ය ඇටයේ පිට වැස්ම

බීජය -  කුරුට්ට ඇතුලත ඇති කලලය

භ්‍රෑණපෝෂය -  සුදු පිටි බවට පත්කරන කොටස


පිටි අඹරන අවස්ථාවේ ඉහත කොටස් තුන වෙන් කර ගන්නා අතර වෙනස් වර්ග වල පිටි සකසා ගැනීමට නැවත අවශ්‍ය ආකාරයට ඒවා මිශ්‍ර කරනු ලබයි.

තිරිගු කර්මාන්තශාලාවක ක්‍රියාවලිය.

තිරිඟු ඇට පිටි බවට පත් කිරීමට කර්මාන්තශාලාවල භාවිතා කරන තාක්ෂණික ක්‍රම එකිනෙක වෙනස් වුවද එහි ක්‍රියා පිළිවෙල බොහෝ දුරට සමාන වේ. කර්මාන්තශාලාවට ගෙන පසුව පළමුවෙන්ම ඒවායේ තත්ත්වය පරික්ශාකර බලා විශාල ඇසුරුම් වල ඒවා අසනු ලැබේ. ඇසිරීම විද්‍යානුකූලව කළ යුතුය. උෂ්ණත්වය හා වාතය පවත්වා නොගත්තේ නම් පුස් බැඳීම පැලවීම සහ පැසවීම වැනි තත්ත්ව ඇතිවිය හැකිය. පසුව තිරිගුවල ගල් වැලි, අනිකුත් ඇට ඉවත් කර පිරිසිදු කර තෙත්මනය එක්කර පදම් කරනු ලබයි. එහිදී සිදුවනුයේ තිරිඟු ඇටයේ කුරුට්ට ගණ වීමත් ඇතුළත භ්‍රෑණපෝෂය මුදු වීමත්ය. එවිට කුරුට්ට පහසුවෙන් වෙන් කරගැනීමට හැකිවේ. පදම් කළ තිරිගු පැය විසිහතරක් පමණ අසුරා තබාගනි. විශේෂ කාර්යයන් සඳහා සකසන හොඳම පිටි ලබාගැනීමට බලාපොරොත්තු වෙන්නේ නම් එම අවස්ථාවේදී කලවම් කිරීම සිදු කරයි.

 පැය 24කට පසුව තිරිගු රැළි ගැසුණු යකඩ රෝල් හරහා යාමට සලස්වා ගොරෝසු කැබලි බවට කඩා ගැනීම සිදු කෙරේ. එම කැබලි වර්ග කිරීම මගින් කැබලිවලින් කුරුට්ට ඉවත් කර ගනියි. පසුව කැබලි සුමුදු  රෝල මාර්ගයක් තුලින් යවා ඒවායේ ඇති බීජ කොටස් පැතලි කර එම කොටස් ඉවත් කර ගැ‍නේ. මෙසේ පිරිසුදු කරගත් කුඩා කැබලි කුඩු කිරීමේ ‍රෝල හරහා යවා පිටි බවට පත් කර ගනි.

එසේ ලබා ගන්නා පිටි, පූර්ණ පිටි බවට පත් කිරීමට නම් කුරුට්ට සහ බීජ කොටස් සුදුසු ප්රමාණවලින් එයට සම්මිශ්රණය කළ යුතුයි. සම්පූර්ණ බීජය කුඩු කර ගන්නා පූර්ණ පිටි වලට වඩා මේ ආකාරයට සකසා ගන්නා පූර්ණ පිටි වල ගුණාංග ඉහළ බව පැවසේ. වෙනම පිටි කර නැවත සම්මිශ්රණය කිරීමෙන් තිරිඟු බීජ තෙල් පිටි පුරා පැතිරීමක් නොවන නිසා පහසුවෙන් පිටි පිළුණු වීම වැළකේ.

අලුත ඇඹරූ පිටිවලින් තත්ත්වයෙන් උසස් නිෂ්පාදන අපේක්ෂා කළ නොහැකි බව කියැවේ. ගුණාත්මක නිශ්පාදන ලබා ගැනීමට කාලයක් අසුරා තැබීය යුතුය. කාලයක් අසුරා තැබීම මගින් මේරීම හෝ ස්වභාවික ඔක්සිහරණය වීම සිදුවෙයි. එයින් පිටි සුදු වීම හා ඒවායේ නිශ්පාදන ගුණාංග වැඩි දියුණු වීමත් සිදු බව පවසයි. මෙම තත්ත්වය ඉක්මනින් ලබා ගැනීම සඳහා පිටි විරන්ජනය කරනු ලබයි. කෙරෙහි දී ක්ලෝරීන් වායුව හෝ බෙන්සොයිල් පෙරොක්සයිඩ් වෙතනිරාවරණය කෙරේ. විරන්ජනයන් ප්‍රතික්රියා කර හානිකර අවශේෂ තිබීම සහ පෝෂණය විනාශ වීම වලක්වා ගනි. පිටි සාරවත් කිරීමට විටමින් බී හා යකඩ පෝෂණ එක් කරනු ලබයි. පිපෙන පිටි  නිෂ්පාදනය කිරීමට  ලුණු සහ කැල්සියම් නියමිත ප්රමාණවලින් එකතු කරයි.

මෙසේ සකස් කරගත් පිටි කර්මාන්ත ශාලාවෙන් පිට කිරීමට පෙර විද්යාගාර පරීක්ෂණයකට ලක්කර නියමිත ප්‍රමිතිය සහතික කරගනු ලැබේ. අවශ්‍ය ප්‍රමාණවලින් ඇසුරුම් කර වෙළෙදපොළට නිකුත් කරනු ලැබේ.


©️ අසීමාන්තික WEB MAGAZINE

අසීමාන්තික WEB MAGAZINE
සයිබර් අවකාශයේ අසීමාන්තිකව කියවන්න

Comments

Popular Posts