ශ්‍රි ලාංකීය  මාර්ගස්ථ ජාලයේ සමාරම්භකයා

ජෙනරාල් ස්ර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාර තුමා (ක්‍රි.ව.1824 -1831)

දේශයේ ඓතිහාසික ගමන් මග පිලිබදව විමසා බැලීමේදී ක්‍රි.ව. 1796 -1948 කාලය තුල වසර 152ක්  පුරාවට  ආණ්ඩුකාරවරැන් 29 ක මූලිකත්වයෙන් දියත්වූ බ්‍රිතාන්‍යය යටත් විජිත අවධියට හිමිවනුයේ අග්‍රගන්‍ය් අවකාශයකි .  එක්අතකින් බලන කල පැරණි ලාංකිකයාගේ සාම්ප්‍රදායික ජීවන විලාසය මුලුමනින්ම  වෙනස්කොට බොහෝ දෑ අප සංස්කෘතියට හදුන්වා දෙන ලදී රටේ ආර්ථික ,සමාජීය හා දේශපාලනික යන බොහෝ ෂේස්ත්‍ර වල කල එකී සමාජ වෙනස්කම් අධ්‍යතනයට සාපේක්ෂව ඉතා සාධනීය ක්‍රමඋපායන් සේ පෙනී යයි. එකී සුවහසක් ප්‍රතිසංස්කරණයන් අතරින් විශිෂ්ඨතම සේවාව බවට පත් වන්නේ අන් කවරක් නොව ක්‍රි.ව.1815 පටන් කිසිදු අයුරකින් ඉදිකිරීමට ලක්ව නොතිබූ  සමස්ථ මාර්ග ජාලය ක්‍රමවත් සැලැස්මකට අනුව ගොඩනැංවීමයි.  

මුහුදුබඩ ජාතීන් තම අණසකට ගත් අන් සෑම ජාතිකයකටම මලය කදුකරයේ දිසාවට අතක් හෝ තැබීමට නොහැකි වූයේද මේ හේතුව නිසාවෙනි. වර්ෂ 1818 පළමු නිදහස් අරගලය නීමාවීමෙන් පසුව බ්‍රිතාන්‍යයන් විසින් මෙම කාරණාව සදහා අත්පොත් තැබූ අතර ඒ සදහා මුලින්ම අවධානය යොමුකරන ලද්දේ මාගේ මෙම සටහනේ කථානායකයා බවට පත් වන එඩ්ව්ඩ් බාන්ස් ආණ්ඩුකාරතුමා  විසිනි. ඉතා තීක්ෂණ ඇසකින් යුත් ධනාත්මක පුද්ගලයකු වූ මෙතුමාගේ වසර 7ක පාලන අවධිය අදටත් ඓතිහාසික විචාරකයන් අතර කථා බහට ලක්  වනුයේ කෙටි කාලයක් තුලදී ලාංකීය වැසියාගේ කීර්තිනාමය ද පවත්වා ගනිමින් කල සුවිශාල මෙහෙවර නිසාය.

කෙසේවෙතත්  ඔහු හා සබැදි සිද්ධි දාමය නම් ඉතාමත්  රසවත්ය ඒ අනුව වර්ෂ 1820දී ස්ර් රොබට් බ්‍ර්වුන්රිග් ආණ්ඩුකාරවරයා ලංකාවෙන් පිටත්ව ගියායෙන් පසුව මුල්වරට ස්ර් එඩ්ව්ඩ් බාන්ස් උන්නාන්සේ උපාආණ්ඩුකාර වශයෙන් තුන් අවුරුද්දක් ලංකාවේ ආණ්ඩු කර ඇති බවට සැලකේ .වර්ෂ 1823දී බාන්ස් ආණ්ඩුකාරතුමා සිය රටට යන්නට යෙදී ස්ර්  එඩ්වඩ් ජෙපට් ආණ්ඩුකාරතුමා දසමසක් ලංකාවේ ආණ්ඩු කරන ලදී.  කෙසේ හෝ අවසානයේ වර්ෂ 1824  දී ස්ථිර වශයෙන් ම ආණ්ඩුකාරවරයා ලෙස තම සේවයට මෙරටට වාර්තා කල බවට සැලකේ .විශේෂයෙන්ම ඉතා ප්‍රාචීන  ආණ්ඩුකාරවරයකු වූ එතුමා තම වැසියන්ගේ සුභ සිද්ධිය සදහාම කටයුතු කිරීමෙහි ලා බොහෝ සෙයින් දක්ෂ වී ඇත."මනුෂ්‍ය වර්ගයක දියුණුව සදහා පළමු වනුවත්,දෙවනුවනුවත් ,තුන්වනුවත් කටයුතු වන්නේ මංමාවත්  සෑදීමය "යනුවෙන් ඉංග්‍රීසී ව්‍ය්වහාරයේ ප්‍රචලිත කියමනක් තිබේ. ජෙනරාල් බාන්ස් උතුමා මේ කීම අනුව යන්නාක් මෙන් ලංකාවේ සෑම දෙසින්ම පාරවල් දැමීම පටන් ගන්නා ලදී. වර්ෂ 1796 දී ඉංග්‍රීසීන් ලංකාවට පැමිණෙන විටත්  මුලු ලංකාවේම  එකම නිසි පාරක් හෝ නොතිබි ඇත. නමුත් බාන්ස් ආණ්ඩුකාරතුමා ලංකාවෙන් පිටත් වන කාලය වන විටදී එනම් වර්ෂ 1831 වනවිට  දී රටේ සියලුම ප්‍රධාන නගර වලට ප්‍රවේශ වියහැකි අන්දමේ කරත්ත පාරවල් ඉදි විය . මෙතුමා විසින් කොළඹ සමීපයේ  කැළණි ගගේ පාරු පාලමක් තනවා කොළඹ පටන් මහනුවරට කරත්ත පාරක් සාදවන ලදී. මහනුවර සමීපයේ පේරාදෙණිය  මහවැලි ගග හරහා  මාහැගි බුරුත ලී පාලමක්ද තනවන ලද්දේය. මේ මංමාවත් ආදිය සෑදවීම බොහෝ කොටම මිනිසුන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගැනීමෙන් කරවූ බවට සැලකේ . මේ වැඩ නිසා එවකට වැසියන් මදක් වෙහෙසුනද පසුවට ලැබුණු ප්‍රයෝජන කියා මිලකල නොහැකිය.

මහනුවර "Pavillion"  රාජ මන්දිරයද "Mount Lavinia" නම් වූ ගල්කිස්සේ බංගලාවද උෂ්ණ කාලයේ ආණ්ඩුකාරයාගේ වාසය පිණිස මෙතුමා විසින් කරවූ බවට හෙලිවේ. ඉංග්‍රීසින්ට  මහනුවර රාජ්‍යය යටත්  කොට තබාගත හැකි වූයේද  බාන්ස් උතුමා විසින් කරවන ලද මංමාවත් නිසා යැයි  පසු කාලීනව විචාරකයකු වූ "ජෝන් පර්ගසන්"  නම් මහතා විසින් මතයක්ද ඉදිරිපත් කරන ලදී.  පරංගි කාරයන්‍ට  හා ඕලන්ද කාරයන්ට වසර අවුරුදු  300 මුලුල්ලේ මලය කදුකරයද අන්තර්ගත  පූර්ණ දේශය අත්කර ගන්නට කළ උත්සාහය නිශ්ඵල වූයේද සැපසේ ගමනා ගමනය කිරීමට  රටේ මංමාවත් නොපැවතුණු හෙයිනි. මෙසේ බාන්ස් ආණ්ඩුකාරතුමා විසින් උඩරට මංමාවත් සෑදීම කරණ කොටගෙන රටේ දියුණුව ද වැසියන් කැරලි ගැසීම වැළකීම ඉබේම සිදුවිය.

මෙරට ප්‍රථම මානව සංගණනය  සිදුවූයේ වර්ෂ  1871 දී යැයි බොහෝ අය අසා තිබුවද ඉතා පුදුමසහගත ලෙස මෙතුමාගේ පාලන අවධිය තුල එවැනි ගණන් කිරීමක් පිළිබඳව හෙළිවේ. ඒ අනුව මේ දිවයිනේ ජනගහනය ප්‍රමාණය දැන ගැනීම පිණිස වර්ෂ 1824 දී මෙතුමා විසින් වැසියෝ  ගනන් කරවන ලදී.  ඒ ප්‍රස්ථාවේදි සාදන ලද  ජන ලේඛනයට ප්‍රකාරව මෙහි වැස්සන්ගේ ගනන "851,440" ක් විය .එහෙත් ගනන් ග්න්නා දවසේදි බොහෝ දෙනා කැලෑ වල  සැගව සිටි බැව් සිතන්නට නිමිති තිබෙනා බැවින් එවකට ජනගහනය දස ලක්ෂයක් (1000,000) පමණ විය යුතු යැයි පසු කාලීන විචාරකයෝ පෙන්වාදෙනු ලබයි.  මේ දියුණුව නිසාවෙන්ම වර්ෂ 1827 දී යුරෝපාකාරයන් බොහොමයක් ඉහල කදුකරයේ නුවරඑළිය  දැනගෙන සනීප ගැනීම පිණිස එහි යන්නට ද පටන් ගෙන ඇත.

සුවිශාල කර්යභාරයක් සිදු කොට ජෙනරාල් බාන්ස් උතුමා  වර්ෂ 1831 දී ලංකාවෙන් පිටත්ව යන ලදී. මොහුගේ මතකයක්  වසර 200වඩා කාලයක් නික්ම ගොසින් තිබුවද එතුමා සිහිවීම පිණිස ලංකා වාසීන් විසින් කොළඹ රාජ මන්දිරය ඉදිරියෙහි  ප්‍රතිමාවක් ද පිහිටවීමට තරම් අප කලගුණ දන්නා ජාතියක් බවට නැවත නැවතත් ඔප්පු කරන ලදී .

කෙසේ වෙතත් අදින් වසර 200කට පමණ පෙර ආදි නොදියුණු කාල සමයකදී  ලාංකීය මාර්ග ජාලය ප්‍රශස්ථ මට්ටමකට ගෙන ඒම උදෙසා වසර 7ක් වැනි කෙටි කාලයකදී ආණ්ඩුකාරවරයෙක් ලෙස ජෙනරාල් සර් එඩ්ව්ඩ් බාන්ස් ආණ්ඩුකාරතුමා කල සුවිශාල මෙහෙවර මෙරට ඉතිහාසයේ රන් අකුරින් ලියවී අවසන් බව නොඅනුමානය ...


©️ අසීමාන්තික WEB MAGAZINE

සහන් ඇලෙක්සැන්ඩර්

ජනමාධ්‍ය අධ්‍ය යන අංශය

කොළඹ විශ්ව විද්‍යාලය


අසීමාන්තික WEB MAGAZINE
සයිබර් අවකාශයේ අසීමාන්තිකව කියවන්න

Comments

Popular Posts