ඤාව් ඤාව් - පූස්
කතාවක්
ආසියාතික රටවල් හා
යුරෝපයේ බොහෝ රටවල වෙනත් සුරතල් සතුන් අභිබවා බළලුන් ඉදිරියෙන් සිටි. ඇමරිකාවේ සෑම
නිවාස තුනකින්ම එකක බළලෙකු සුරතලයට ඇති කරන බව සමීක්ෂණවලින් හෙළි වී තිබේ. දිගු
කාලයක සිට පැවති පිළිගැනීම වූයේ පළමුව බළලා ගෘහාශ්‍රිත සතෙක් බවට පත්කර ගත්තේ
ඊජිප්තු ජාතිකයින් බවයි. නමුත් එය එසේ නොවන බව 2004 දී ප්‍රංශ පුරාවිද්‍යාඥ පින්ඩෙනිස් විග්නි
තහවුරු කරන ලද්දේ 9500කට පෙර සිටම බළලා මිනිසාගේ හීලෑ සතෙකව සිටි බව පෙන්වා දෙමිනි.
ඔහු විසින් සයිප්‍රස්වල කළ කැණීමකදී වැඩිහිටි මිනිස් දේහයක් සමග මාස අටක් වූ බළලෙකුගෙ
සිරුරක්ද එකට තබා මිහිදන් කර තිබූ සුසානයක් සොයා ගන්නා ලදී. එකල එරට ප්‍රභූවරයෙකු
මිය ගිය විට ඔහු සමග සේවකයන් හා තම සුරතලා ද වල දැමීමේ සිරිතක් එරට තිබී ඇත. එසේ
කරන ලද්දේ මරණින් මතු ආත්මයේද ඔවුන් එසේ ම එකට ඉපදේ යන මතය නිසාය. බළලා මිනිසා
විසින් ළං කර ගනු ලැබුවේ මීයා ගොවියාගේ සතුරෙකු වීම නිසා බව ද බොහෝ දෙනා පවසයි. මිනිසුන්
බළලා සුරතල් සතෙකු කර ගැනීමට තවත් එක් හේතුවක් වන්නේ බළලුන්ගේ අලංකාර ඇස්ය. මීට
අමතරව කෙටි මුහුණ වටකුරු නිසාත් බළලුන් සිත්ගන්නා සුරතල් සත්වයකු බවට පත්ව ඇත.
Felis Silvestris නම් වල් බළලා ගෙන් නූතන බලලා පරිණාමය වූ බව
විද්‍යාඥයින් පවසයි. බළලා තනිව වාසය කරන දඩයක්කරුවෙකු තම පළාතට වෙනත් අය
පැමිණෙනවාට කැමති නැත. ඔවුන් ජීවත්වන ප්‍රදේශවලට මායිම් යොදා වෙන්කර ගැනීමේ උපක්‍රම
ඔවුන් යොදති.
අවුරුදු 2900 කට පෙර ඊජිප්තුව තුල
බළලා දේවත්වයෙන් සලකා ඇත. Bastet
නම් දෙවඟන බිළාල
ස්වරූපයක් ගෙන ඇත. ක්‍රිස්ටෝපර් කොළොම්බස් විසින් ද දේශ ගවේෂණයේ දී බළලුන් රැගෙන
ගිය බව ඉතිහාසඥයන් පවසයි. වාසනාවේ සංකේතයක් වශයෙන් ද බොහෝ රටවල බළලුන් පිළිගැනීමට
ලක් වේ. බළලුන් වෙනුවෙන් ජාත්‍යන්තරව වශයෙන් ක්‍රියාරියාත්මක
වන ජාත්‍යන්තර බිළාල සංගමයට අනුව දැනට හීලෑ බළල් ප්‍රභේද 60ක් පමණ හඳුනාගෙන ඇත.
බළලා සතු දැනීම සීමිත
එකක් වුවද බළලුන්ට යම් යම් දේ වටහා ගැනීමේ හැකියාව ඉහළින් පවතියි. සමහර අනතුරු
කල්තියාම හඳුනාගත හැකිය. එසේම සරල විධාන පිළිපැදීමට ද පුරුදු පුහුණු කළ හැකිය.
සිරුර රිද්මයානුකූලව නැටවීම, උපදෙස් අනුව ක්‍රියා කිරීම, දොරවල් තල්ලු කරගෙන යාම
ආදී විවිධ ක්‍රියාකාරකම් විසින් ස්වයං අධ්‍යස්වයං
අධ්‍යයනයකින් යුතුව ඉගෙනගන්නා බව ලබන බව විද්‍යාඥයින් පවසයි.
එසේම බළලුන් ඤාව්
භාෂාවෙන් තමාගේ වර්ගයා පමණක් නොව මිනිසුන් ද ඇමතීමට හුරු වී සිටි. අපේ මුහුණ දෙස බලා
ඤාව් කියන්නේ යම් පණිවිඩයක් බව සත්ත්ව විද්‍යාඥයින් පවසයි. පුරු පුරු ගෑම හා
ගෙරවීම බළල් සන්නිවේදනයේ අපූරු ලක්ෂණයන්ය.
ගෙදර ඇති කරන බළලුන් නිවසේ ප්‍රධානියා ලවා තමාට අවශ්‍ය දේ කරවා ගැනීමේ ක්‍රමය
බළලුන් හොදින් දනී. මේ විශේෂිත කෙඳිරි ගෑම නිසා බඩගිනි අවස්ථාවකදී නම් ස්වාමියා නිදා සිටින
තැනට ගොස් මෙසේ සන්නිවේදනය කළ විට ඔහුට නින්ද ගොස් තිබේ නම් වහා අවදිවී බළලා දෙස
අවධානය යොමු කරයි. පුරු පුරු ශබ්දය මගින් මිනිස් සංඥා පද්ධතියට සංඥා ලැබෙන අතර
නිරතුරුව එය ලැබීම නිසා නිදාගත නොහැකි තත්වයක් ඇතිවෙන බව මේ පිළිබඳව අධ්‍යයනය කරන
ලද පර්යේශකයින් පවසයි. සමහර අවස්ථා වලදී වලදී යම් අයෙකුට මෙම පුරුපුරු ගෑම නිසා
කේන්ති යන අවස්ථාද ඇත.
සාමන්‍ය බළලුන් මෙන්ම විශාල
මිලකට අලෙවිවන බළලුන් වර්ගද
කිහිපයක් හදුනාගත හැකිය.
එයින්
මිල
අධිකම
බළලුන්
විශේෂය
ලෙස
බෙංගාලි බළලුන්
හැදින්වේ. ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අතර සිටින බෘෘනායි සුල්තාන්වරයා, පාකිස්තානයේ
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, වත්මන් අගමැති ඉම්රාන් ඛාන්ගේ බිරිඳ වූ ජෙමෙයිමා ඛාන්
සතුව මෙවැනි වටිනා
බෙංගාලි බළලුන් සිටී. මෙම සත්වයෙකුගේ මිල රන් පවුම් 900ක් පමණ වේ.
බළලුන්ට ජීවිතය නවයක්
ඇති බවත් බොහෝදෙනා පවසයි. සමාජයේද මෙය ඉහළින් පිළිගැනීමට ලක්වේ. ඉතා උසස් වූ ගොඩනැගිල්ලක
සිට බිමට වැටෙන විට කිසිදු හානියකින් තොරව බිමට පතිත වීමේ හැකියාව විශ්මිත බව විද්‍යාඥයින්
පවසයි. නිව්යෝර්ක් නගරයේ සත්ව රෝහලක පර්යේෂකයින් දෙදෙනෙකු මේ හැකියාව පිළිබඳව පර්යේෂණයක්
සිදු කර තිබේ. තට්ටු ගොඩනැගිලි වලින් බිමට වැටුණු බළලුන් 115 ඇසුරින් කළ පර්යේෂණයට
අනුව එහිදී 104 දෙනෙකු ම දිවි ගලවා ගෙන
තිබේ. මහල් හතක ඉහළින් වැටුණු සතුන් පවා මේ අතර සිටි සාමාන්‍ය ගොඩනැගිල්ලක දෙවන
මහලෙන් බිමට වැටුණ ද මිනිසෙකු නම් මිය යෑමේ ඉඩකඩ ඉතා විශාලය. නමුත් මෙසේ බළලුන්
ඉහළ ගොඩනැගිල්ලක සිට බිමට වැටුණුද කිසිදු හානියක් සිදුනොවේ. මෙම හැකියාව පිළිබදව
සොයා යාමේ දී හෙළි වූයේ ඔවුන්ගේ ශරීරය ඉතා සැහැල්ලු වීම මෙයට ප්‍රධාන හේතුවක් වන
බවයි. දෙවැන්න කුමන ඉරියව්වකින් සිටියද පහලට ගමන් කරන විට දෙපා හතරම එකවර පොළොවට
පතිත වීමත් ඔවුන්ගේ හානි අවම වීමට හේතු වේ. ශරීරයේ අධික තෙරපුම පාද 4ට බෙදී යාම
නිසා ඔවුන්ගේ හානි අවම වන බව පර්යේශකයින් පවසයි. මෙයාකාරයට සුවිශේෂී ශරීර පිහිටීම
නිසා බළලුන්ට සිදුවන ආපදාවන්ගෙන් අනතුරක් ඇතිවීම වැළැක්වෙන නිසා බළලුන්ට ජීවිත 9ක්
ඇතැයි යන්න පවසන බව පර්යේෂකයින් සනාථ කර තිබේ.
කුඩා දරුවන්ගේ,
තරුණියන්ගේ වැඩි ආකර්ශනයක් දිනා ගන්නා බළලුන් ද බල්ලන් මෙන් මිනිසාගේ සමීප මිත්‍රරයෙකි.



Comments
Post a Comment