මනෝ විද්‍යාවේ පියා
සිග්මන් ප්‍රොයිඩ්

චෙකොස්ලොවැකියාවේ ප්‍රයිබර්ග් නම් නගරයේ 1856 මැයි 6 වන දින යුදෙව් ජාතික ජේකොබ් ප්‍රොයිඩ් නම් ලෝම වෙළෙන්දාට දාව කුඩා පිරිමි දරුවකු ඉපදුණි. පළමු විවාහයෙන් දරුවන් 6 දෙනෙකු සිටි ජේකොබ් ප්‍රොයිඩ්ගේ දෙවන විවාහයේ ප්‍රථම දරුවා ලෙස උපන් මෙම දරුවා සිග්මන් ප්‍රොයිඩ් ලෙසින් නම් තැබීය. පියාගේ පළමු විවාහයේ දරුවන් ද අතුලුව මේ සියල්ලම එකම නිවසක හැදී වැඩුණි. සිය ළමා කාලයේ දී ආහාර පාන ඇඳුම් පැළඳුම් ආදියෙන් බොහෝ අඩුපාඩුකම්වලට මුහුණ දීමට කුඩා සිග්මන් හට සිදුවිය. ඔහුට වයස අවුරුදු 8 කට පසු වන විට මුළු පවුලම වියානා නගරය පදිංචියට පැමිණෙන ලදී. සිග්මන් පාසලකට ඇතුල් කළේ ද ඒ වසරේදීමය.

තමන්ගේ ගෙදරට පාඩම් කිරීමට ඉඩකඩ මදිවීම ඔහුගේ කනස්සල්ලට හේතු වුණා. තමන්ට වයසින් බාල සොයුරු සොයුරියන්ගේ ඝෝෂා බාධා මැද සිග්මන් අසීරුවෙන් සිය අධ්‍යාපනය සිදුකරන ලදී. අනෙක් සිසුන් විවේකයෙන් කෙළි ගතකර කරන පාසල් විවේක කාලයේදී පවා මුල්ලකට වී පොතක් කියවීමට සිග්මන් පුරුදු වී සිටියේය. මේ නිසා වයස අවුරුදු 16 වන විට ඉතාලි, ස්පාඤ්ඤ, ප්‍රංශ, ජර්මන් හා ඉංග්රීසි යන භාෂා පිළිබඳව හසළ දැනුමක් ලබා ගැනීමට හැකිවුය.

දැනුම් පිපාසයෙන් පෙළුණු සිග්මන් දිගින් දිගටම එකම විෂයක් ඉගෙන ගත්තේ නැත. විවිධ විශයන් කෙරෙහි යොමුවිය. ඔහු රසායන විද්‍යාව, සත්ත්ව විද්‍යව, භෞතික විද්‍යාව ආදී විවිධ විෂයයන් අධ්‍යනය කරනු ලැබීය. අවසානයේ තම ඉදිරි අනාගතය සඳහා ඔහු තෝරා ගන්නේ වෛද්‍ය විද්‍යාවයි.

වෛද්‍ය විද්‍යාලයේ දී යුදෙව් ජාතිකයෙකු වීම නිසා ඔහුට බොහෝ ගැටලුවලට, දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිග්මන්ට සිදුවිය. වෛද්‍ය විද්‍යාවට අදාළ විෂයයන් අතරින් ඔහු උනන්දු වූයේ වඩාත්ම මනෝ චිකිචිකිත්සාව කෙරෙහිය. ඒ නිසා වෛද්‍ය උපාධිය සඳහා වසර 5වූ කාලය වසර 8 දක්වා දීර්ඝව ගත කරන්නට ඔහුට සිදුවුණි. 

ඔහු නිතරම මිනිසාගේ මනස ක්‍රියා කරන ආකාරය පිළිබඳව අවබෝධ කරගන්නට උත්සාහ දරා ඇත. වියානා රෝහලේ සහයක වෛද්‍ය තනතුරක් ලබා සේවයට පැමිණි සිග්මන් හට එහි ප්‍රධාන වෛද්‍යවරයා වූ වෛද්‍ය තියඩෝර් මෙන්ට් තව තවත් කරුණු අධ්‍යයනය කිරීමට වඩාත් උපකාර කරනු ලැබීය. හිස්ටීරියාව නම් රෝගය පිළිබඳ වැඩි අවධානයක් සිග්මන් යොමුකර තිබුණි. ප්‍රංශයේ වෛද්‍ය චාකොට් හරහා තමන් නොදන්නා බොහෝ කරුණු දැනගැනීමට අධ්‍යයනය කිරීමට හා ප්‍රංශයට ශිෂ්‍යත්වයක් ලබා ගැනීමට සිග්මන් සමත් විය. 
ප්‍රංශයට පැමිණි ඔහු හිරි උන්මාදය හා හිස්ටීරියාව පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරන්නට විය. වියානා රෝහලට පැමිණි ඔහු විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවයට එක් විය.

ප්‍රොයිඞ් විසින් මිනිස් සිත ක්‍රියා කරන ආකාරය ගැන බොහෝ නව සොයාගැනීම් සිදු කරන ලදී. නමුත් සාමාන්‍ය ජනයා මෙන්ම වෛද්‍යවරුද ඒ පිළිබඳ උපහාසාත්මක කටයුතු කළේ සිග්මන් පොයිඩ් උන්මත්තකයකු සලකමිනි. අපහාස උපහාසවලින් නොනැවතුනු ඔහු ඉතාමත් නිර්භීතව තම පර්යේෂණ කටයුතු සිදු කළ අතර එහි ප්‍රතිඵල ලොවට ප්රකාශ කිරීමට ද නිර්භය විය. 1908 දී පමණ ප්‍රොයිඩ් මනෝ විශ්ලේෂණ ප්රතිකාර විධි රැසක් ලොවට සොයා දෙන්නට සමත් වුය. එකල ඔහුගේ පර්යේෂණ ගැන හාස්‍ය පළ කළ බොහෝ දෙනා පසුව ඒවා පිළිගන්නට විය.

සිග්මන් ප්‍රොයිඩ් 1939 සැප්තැම්බර් මස 23 දා මෙලොව හැර ගියි නමුත් ඔහුගේ සොයා ගැනීම නිසා මානසික ව්‍යාධීන්ගෙන් පෙළුණු බොහෝ රෝගීන්ට යළි ජීවය ලැබීමට අවස්ථාව උදාවිය. එම නිසා මනෝ විද්‍යාවේ පියා යන ගෞරව නාමයෙන් සිග්මන් ප්‍රොයිඞ් පිදුම් ලබයි.

© අසීමාන්තික WEB MAGAZINE

අසීමාන්තික WEB MAGAZINE
සයිබර් අවකාශයේ අසීමාන්තිකව කියවන්න

Comments

Popular Posts