ලෝකයේ වඩාත්ම භයානක සුනඛ අභිජනන වර්ග 10ක්

සෑම සුනඛයෙක්ම වගේ ඕනෑම අවස්ථාවක බරපතල හානි හා අනතුරු ඇති කළ හැකි තරමට දරුණු විය හැකිය. සෑම විටම ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය. නමුත් ඇතැම් සුනඛ අභිජනන වර්ග ස්වභාවයෙන්ම භයානක ප්‍රතිචාර දක්වනු ලබයි. එවැනි සුනඛ සපාකෑම් මාරාන්තික අනතුරු ඇති කරයි. මෙම සුනඛ අභිජනනයන් වඩාත් අවධානයෙන් යුතුව ඉතා හොඳින් පුහුණු කළ යුතුය. එවිට වඩාත් කීකරු සහ සමාජශීලි අයුරින් මෙම සුනඛ අභිජනනයන් පහසුවෙන් හැසිරවිය හැකිය. ආක්රමණශීලී ගති ලක්ෂණ මෙම සුනඛ වර්ග හා සුනඛ වර්ග වල ස්වභාවයේ පැවතියද, නිසි පෝෂණය ආදරණීයව අවධානය යොමු කිරීම සහ විශ්වාසය ඇති කරගැනීම තුළින් වඩාත් පක්ෂපාත සහකරුවෙක් බවට පත් කරගැනීමට හැකියාව ලැබේ.


10. GREAT DANE




නිසි පුහුණුවක් හා සැලකිල්ලක් දැක්වුවහොත් මෘදුව වර්ධනය කර ගත හැකිය. දැවැන්ත ශරීරයත් සමඟ මෘදු දැවැන්තයෙකු ලෙස ඇතිදැඩි කළ හැකිය. එහෙත්, කුඩා කල සිටම පුහුණුව හා සමාජගත නොවන්නේ නම්, නිසි අවධානය නොදක්වා රිසිසේ වැඩීමට ඉඩ හැරීම තුළින් ඔවුන් තරමක් භයානක හා ආක්රමණශීලී විය හැකිය. ඔවුන්ගේ දැවැන්ත ශරීර උස දකින ඕනෑම අයෙකු තැතිගන්වන සුළුය. කෝප වූ විට  මොවුන්ගේ සපාකෑම් මාරාන්තික තුවාල ඇති කළ හැකිය.


9. BOXER




Boxer සුනඛයන් ඔවුන් බෝ කිරීම ආරම්භයේ සිටම ආරක්ෂාව, දඩයම් කිරීම වැනි අවශ්‍යතායන් වෙනුවෙන් සිදුකර තිබේ. මෙම සතුව ශක්තිමත් හකු සහ දත් පිහිටා ඇත. එය ආරක්ෂාව වැනි අවශ්‍යතාවන් සඳහා වැදගත්ය. එහෙත්, නිසි පුහුණුවක් නොලැබුවහොත් ඔවුන් ඉතා ආක්රමණශීලී ප්‍රහාරකයන් බවට පත්විය හැකිය. මෙම සුනඛයින් පුහුණු කිරීමේදී දඩුවම් කිරීම, බැණ වැදීම වැනි දැඩි අයුරින් කටයුතු නොකළ යුතුය. එසේ නොවුණහොත් මෙම සුනඛයින් වඩාත් දරුණු සහ පාලනය කළ නොහැකි තත්ත්වයට පත්වනු ඇත. 


8. WOLF HYBRID




නමේ අර්ථයේ ලෙසින්ම මෙම සුනඛයන් අළු වෘකයන් සහ බල්ලන් අතර දෙමුහුන් වර්ගයකි. ඔවුන් පිළිබඳව අනාවැකි කිව නොහැකිය. ඉතා ඉක්මනින් කෝපයට පත්වේ. නිසි පුහුණුව තුළින් පාලනයක් ඇතිව වර්ධනය කළ යුතුය. ගෘහාශ්‍රිත සුරතල් සතෙකු ලෙස Wolf Hybrid සුනඛයින් ඇති කිරීම  බොහෝ රටවලතහනම් කර තිබේ.


7. ALASKAN MALAMUTE




Alaskan Malamute ඉතා ජවසම්පන්න සුනඛයන් වන අතර ඔවුන්ගේ ශක්තිය ධනාත්මකව භාවිතා නොකරන්නේ නම්, ඔවුන් තරමක් ආක්රමණශීලී සුනඛයන් බවට පත්විය හැකිය. කුඩා කල සිටම ඉතා ප්‍රවේශමෙන් දැඩි අවධානයෙන් වර්ධනය කල යුතුය. තවත් වැදගත් දෙයක් නම්, ඔවුන් මන්දගාමී ඉගෙනුම ලබන අය වන හෙයින්, ඔවුන් පුහුණු කිරීමේදී බොහෝ ඉවසීමෙන් කටයුතු කළ යුතුය.


6. SIBERIAN HUSKY



Alaskan Malamute මෙන් Siberian Husky ද නිරන්තරයෙන් වැඩ කරන ක්‍රියාශිලී සුනඛයන් ලෙස බෝ කර ඇති අතර, ඔවුන් එතරම් සමාජීය නොවීමට හේතුව එයයි. එහෙත්, නිවැරදි අවබෝධය සහ පුහුණුව සමඟ, ඔබට ඔවුන් වඩාත් මිත්‍රශීලී හා සන්සුන් ලෙස හසුරුවා ගතහැකිය. දුර්වල සමාජකරණය සහ පුහුණුව නිසැකවම ඔවුන් ආක්‍රමණශීලී හා භයානක සුනඛයන් බවට පත් කරනු ඇත. 


5. BULLMASTIFF




මුර බල්ලන් නැතිනම් රැකවලුන් ලෙස ක්‍රියා කිරීම අරමුණු කරගනිමින් මෙම Bullmastiff සුනඛයින් අභිජනනය කරනු ලබයි. එමනිසාම ආක්‍රමණශීලී ස්වභාවයක් දැකිය හැකිය. ඔවුන් විශාල සුනඛයන් වන අතර, එබැවින් නිරන්තරයෙන් ගැටුම්වලට පෙළඹේ. එය වලක්වා ගැනීම සඳහා ඔවුන් පුහුණු කිරීම හා කීකරුව පාලනය කරගැනීම අත්‍යාවශ්‍ය වේ. නිසි පුහුණුව තුළින් ඉතා කීකරු තත්ත්වයක් ඇති කරගත හැකිය. නිසි ලෙස රැකබලා නොගන්නේ නම් මාරාන්තික විය හැකිය.


4. DOBERMAN PINSCHER



Doberman Pinscher ඉතා බුද්ධිමත්, ශක්තිමත් සුනඛ අභිජනන වර්ගයකි. මොවුන් ශබ්දයට ඉතා සංවේදී ය. ඔවුන් අනතුරු කෙරෙහි ඉතා සංවේදී වන අතර ඔවුන් විසින්ම ක්ෂණික ප්‍රතික්‍රියා කරනු ඇත. ඔවුන් ස්වභාවයෙන්ම ආගන්තුකයන් කෙරෙහි ආක්‍රමණශීලීය. ශරීරය විශාල හෙයින් දකින ඕනෑම අයෙක් බියට පත් වන අතර එයින් ද මෙම සුනඛයින්  වඩාත් ප්‍රචණ්ඩකාරී වේ. නිසි පුහුණුව තුළින් ස්වාමියාගේ අණට කීකරු සුනඛයෙකු බවට පත්කළ හැකිය.


3. GERMAN SHEPHERD




German Shepherd සුනඛයින් වඩාත් වේගයෙන්ම ක්‍රියාත්මක වෙමින් තමන්ට එල්ල වන අනතුර මැඩපැවැත්වීම හෝ පැවරෙන කාර්ය ඉටු කර ගැනීම කෙරෙහි අතිශයින්ම අවධානය යොමු කරයි. මොවුන්ද ස්වභායෙන්ම ප්‍රචණ්ඩකාරීය. නිසි පුහුණුව, සමාජීයකරණය, නිසි අවබෝධය සහ සෙනෙහස මගින් ආක්‍රමණශීලී ස්වභාවය පාලනය කළ හැකිය. නිවරැදිව පුහුණු කළ විට ස්වාමියාට දැඩි පක්ෂපාතී හා ඉතා ආදරණීය සුරතල් සතෙකු නිර්මාණය කරගත හැකිය.


2. ROTTWEILER




Rottweiler දරුණු  කෝපයක් ඇති නිවාසවල ඇතිදැඩි කිරීමට නුසුදුසු සුනඛයන් ලෙසද සැලකේ, විශේෂයෙන් හිමිකරු ආධුනිකයෙකු නම් වැඩුණු Rottweiler සුනඛයෙකු හැසිරවීම ඉතා අසීරුය. නිවසක ඇති දැඩි කිරීමට නම් කුඩා අවධියේ සිටම සන්සුන් හා ස්ථීර ස්වභාවයකින් යුතුව නිසි පරිදා පුහුණු කළ යුතුය. එසේ නොමැතිව මෙම සුනඛයින් හසුරුවාගත නොහැකිය.


1. PIT BULL




Pit Bull ඉතා ප්‍රබල සටන්කාමී සුනඛ අභිජනන විශේෂයකි. ඔවුන් සිය කාර්යය අවසන් වන තුරුම නොබියව උද්යෝගයෙන් ක්‍රියාකරනු ඇත. ඔවුන් සතුව ඉතා ශක්තිමත් හකු සහ දත් ඇති අතර ඔවුන්ගේ දතවලින් සපැ කෑ විට එතරම් පහසුවෙන් මුදා නොහරි. එමනිසා, අනවශ්‍ය භයානක අවස්ථාවන් වළක්වා ගැනීම සඳහා කුඩා කල සිටම ඔවුන් පුහුණු කර සමාජගත කළ යුතුය.


තොරතුරු අන්තර්ජාලය ඇසුරින්
© අසීමාන්තික WEB MAGAZINE

අසීමාන්තික WEB MAGAZINE
සයිබර් අවකාශයේ අසීමාන්තිකව කියවන්න

Comments

Popular Posts