නෙස්ලේ ලාංඡනය Nestlé Logo
දන්න ලෝගෝ වල නොදන්න කතාව 01
නෙස්ලේ ලාංඡනය Nestlé Logo
බහුජාතික ආහාර නිශ්පාදන
සමාගමක් වන නෙස්ලේ සමාගමේ නිල ලාංඡනය කුරුලු කූඩුවකි. බහුජාතික
ආහාර පාන සමාගමක් සහ කුරුලු කූඩුවක් අතර ඇති සම්බන්ධය ගැන ඔබ කවදා හෝ කල්පනා කර
තිබේද?
නෙස්ලේ සමාගමේ නිර්මාතෘ
හෙන්රි නෙස්ලේ සිය ව්‍යාපාරය සඳහා ලාංඡනයක් නිර්මාණය කළ
පළමු ස්විට්සර්ලන්ත නිෂ්පාදකයින්ගෙන් කෙනෙකි. නෙස්ලේ යන්නෙහි අර්ථය ජර්මානු භාෂාවෙන් 'කැදැල්ල' යන්නයි. එම අර්ථය භාවිතා කරමින් කැදැල්ක සිටින කුරුල්ලෙක් සහිත
පළමු ලාංඡනය නිර්මාණය කර ඇත.
නෙස්ලේ සමාගමේ ආහාර සහ පාන වර්ග නිශ්පාදනයේ දී ප්‍රධාන අමුද්‍රව්‍යයක්
ලෙස භාවිතා කරන්නේ විවිධ ධාන්‍ය වර්ගය. සමාගමේ නිශ්පාදන වැඩි වශයෙන් ළමයින් සහ
ළදරුවන් ඉලක්ක කර ගනිමින් සිදුකෙරේ. මෙම සාධක පදනම් කරගනිමින් 1868 දී නව ලාංඡනයක්
නිර්මාණය කර ඇත. එහි දැක්වෙන්නේ කුරුලු පැටවුන් තිදෙනෙකුට කුරුලු මව ආහාර කවන
දර්ශනයකි. නෙස්ලේ නිශ්පාදන වල ඉලක්කය ළදරුවන්ය. ළදරුවන්ට හොදම ආහාර ලබා දී පෝෂණය
කරන්නේ මව විසිනි. මෙය අරුත් ගැන්වෙන අයුරින් 1868 දී ලාංචනය නිර්මාණය කර ඇත.
1988 දී නැවත ලාංඡනයේ වෙනසක් සිදු කර ඇත්තේ
සමාජයේ පවුල් ඒකක තුල සිදු වූ පෙරළය අධ්‍යයන කරමින්ය. 90 දශකයේ පමණ සිට දැකිය හැකි
වන එක් දරුවෙකු හෝ දෙදෙනකු සිටින සාමාන්‍ය නූතන පවුල නියෝජනය කරමින් එක් කුරුලු
පැටවෙක් ඉවත් කර තිබේ. එසේම නෙස්ලේ යන වචනය වෙන් කර දැක්වීම සිදු කර ඇත.
1995 දී අවසන් වරට සංස්කරණය කරන ලද ලාංඡනය
වර්තමානයේ දීත් භාවිතා වේ.



Comments
Post a Comment