සිහිනයක්ව පැවති සංවර්ධනය යථාර්ථයක් කරගමු.
සංවර්ධනය යනුවෙන් අදහස් කෙරෙන්නේ සමාජය තුළ සිදුවන විප්ලවීය වෙනසකි. එම විප්ලවීය වෙනස ඇති කිරීමට නම් භෞතික මෙන්ම අධ්‍යාත්මික වශයෙන් ද රට සංවර්ධනය විය යුතුය. අප ජීවත් වන්නේ පුංචි රටක වුවද නමුත් ඒ පුංචි රට සංවර්ධිත රටක් කිරීමට දශක ගණනක් තිස්සේ උත්සහ දැරුවද එම උත්සයන් ව්‍යවර්ථ විය. නමුදු නව රජය නව ප්‍රතිපත්තීන් ඇසුරෙන් නව ගමන් මාර්ගයකට අවතීර්ණ වී ඇත. උත්තරීතර පාර්ලිමේන්තුවට පත් වූ මහජන නියෝජිතයන් විවිධ රාජ්‍ය අමාත්‍ය ධූරයන්ගෙන් පිදුම් ලැබූහ. එම අමාත්‍යධූරයන්හි සෘජුව තම අමත්‍යවරයාගේ විෂය පථය දක්වා ඇත. ඇතැම් අමාත්‍යවරැන් මේ වන විට ඔවුන්ගේ විෂය ක්ෂේත්‍රයන්හි වැඩ කටයුතු සදහා සක්‍රීය ලෙස සහභාගී වීම දක්නට ලැබුණු අතර ඔවුන්ගේ කැපවීම ,නව දැක්ම අගය කළ යුතුමය. නව්‍ය වෙනස් කම් යටතේ අතීතයට සාපේක්ෂව අමාත්‍යංශයන්හි විෂය ක්ෂේ්‍රත්‍රය සෘජුව නියෝජනය වීම තුළින් සංවර්ධනීය නව වෙනසක්, ක්‍රියාකාරී වූ මෙහෙවරක් ඉටු කරාවී යන අපේක්ෂාවන් බලාපොරොත්තු පෙරදැරිව ජනතාව බලා සිටී.
සංවර්ධනය යනු ආර්ථිකමය සංවර්ධනය පමණක්මද? ආර්ථිකමය දෘෂ්ටිකෝණයෙන් බලන විට සමාජයක යටිතල පහසුකම් දියුණු වීම ,ආදායම් විෂමතා අවම වීම, සේවා වියුක්ති අනුපාතය පහළ මට්ටම වැනි දර්ශක වලින් මිනිසුන්ගේ ජීවන තත්වය මැනිය හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි. කොතෙකුත් සංවර්ධිත රටක් වුවද අධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය නොවුණොත් එය සංවර්ධිත රටක් යැයි හැදින්විය නොහැක. අපගේ රට ඉන් කුමන සංවර්ධනය යටතේ වැටෙන්නේද. එනම් භෞතික සංවර්ධනයද? ආධ්‍යාත්මික සංවර්ධනයද? සංවර්ධනය මැනීමට නම් මිනිසුන්ගේ තෘප්තිමත්භාවය මැනිය යුතුය. ඔවුන්ගේ ආකල්පයන් සංවර්ධනය විය යුතුය. යහපත් ආකල්පයන්ගෙන් හෙබි තෘප්තිමත් ලෙස ජීවත් වන ජන සමාජයක් තුළ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් වේ. නමුත් ඇමරිකාව, ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය වැනි රටවල් සංවර්ධනයේ ප්‍රතිලාභ අත්විදින්නේ නිවරදි නායකත්වයෙන් යුතු ක්‍රමාණුකූල වු තිරසර සංවර්ධනයක් ක්‍රියාත්මක විම තුළිනි.
රටක් සංවර්ධනය වීමට නම් දේශපාලන නායකත්වය, ජනතාව, ප්‍රජාව සංවර්ධන ක්‍රියාවලියට සක්‍රීයව සම්භන්ධ විය යුතුය. ශක්තිමත් වූ විනයගරුක පාලනයක් ක්‍රියාත්මක වීමෙන් රටට හෙට දවසක් නිර්මාණය වනු ඇත. රටක ආර්ථික, දේශපාලන ,සමාජ සංස්කෘතික, වැනි අංශයන් තුළින් සංවර්ධන අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට නම් ප්‍රජාව සවිමත් කළ යුතුය. ඔවුන් සංවර්ධන ක්‍රියාවලියට සහභාගී කර ගත යුතුය. දැන් ඵ්ාැ ෂබ ීරස ඛ්බන් යන යුගය ආරම්භ විය යුතු කාලය එළඹ ඇත. අන්‍ය දේශයන්හි නිෂ්පාදනයන් මත යැපුණු ආර්ථික ක්‍රමය තුරන් කළ යුතුමය. අන්‍ය නිෂ්පාදනයන්හි යැපුනු ශ්‍රී ලාංකික ජනතාවගේ තේරීම ස්වදේශිය නිෂ්පාදනයන් වීමේ යුගයක් නිර්මාණය විය යුතුය.
ශ්‍රී ලාංකික ආර්ථිකය සවිමත් කිරීමට රටෙහි පවතින මිණි කැට වන් කර්මාන්තකරැවන්ගේ, ගොවීනගේ ,නව නිපයුම්කරුවන්ගේ උතුම් ශ්‍රමයට නිසි වටිනාකමක් හිමි විය යුතුමය. නව රාජ්‍ය අමාත්‍ය ධූරයන්හි කර්මාන්ත විෂය ක්ෂේ්‍රත්‍රය ද ඇතුඵ වීම තුළින් දේශිය කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදනයන් කෙරෙහි වටිනාකමක් නිර්මාණය වේ යන අපේක්ෂාවෙන් ඔවුන් බලා සිටී. විදෙස් රටවල්හි ඇතැම් නිෂ්පාදනයන්හි අහිතකර බව දැන දැනත් ස්වදේශිය නිෂ්පාදනයන් පසෙක ලා අන්‍ය නිෂ්පාදනයන් හි යැපෙන පිරිසක් ද මෙරට ජීවත් වේ. එම තත්වය වෙනස් කළ හැක්කේ ස්වදේශිය නිෂ්පාදන සඳාහා නව වෙළද පොළක් රට තුළ නිර්මාණය කිරීමෙනි. දේශිය කර්මාන්ත විශාල ප්‍රමාණයක් පවතින අතර කර්මාන්තකරුවන් හට එම කර්මාන්තයන් වැඩි දියුණු කර ගැනීමට මූල්‍යමය අපහසුතාවන් පවත.ී විශේෂයෙන් කෘෂි කර්මාන්තය තුළ ගොවියාගේ අස්වනු සඳාහා සාධාරණ මිලක් නියම නොවිම හේතුවෙන් ඔවුන් ආර්ථිකමය අපහසුතාවන්ට පත්ව ඇත. නව තාක්ෂණික ක්‍රමයන් ඔස්සේ සරු භෝග වගාවක් ලබා ගැනීමට කෘෂි උපදෙස් සහිත ගොවිතැන් කටයුතු සඳාහා අදාල පහසුකම් සපයා දිය යුතුය කර්මාන්තමය සංවර්ධනයේදී බතික්, අත් යන්ත්‍ර, දේශීය ඇගලුම් නිෂ්පාදන, පන් ,වේවැල් ,ලී බඩු,ු පිත්තල ,මැටි, වැවිලි බෝග ආදී වූ සියලු කර්මාන්තමය ,කෘෂිකාර්මික ක්ෂේ්‍රත්‍රයන්හි පුලුල් සංවර්ධනයක් ඇති කළ හැක. නව තාක්ෂණය යොදා ගනිමින් කර්මාන්තකරුවන්ගේ ගැටලු හදුනාගනිමින් ඔවුන්ගේ නිෂ්පාදනයන් ශක්තිමත් කිරීමට රජය විසින් මූලික අඩිතාලම සැපයිය යුතුය. ආර්ථික, සමාජීය, අධ්‍යාපනික ආගමික, සෞඛ්‍යමය, සංස්කෘතිකමය අංශයන්හි පරිපූර්ණ වූ සංවර්ධනයක් සිදු වනවා දැකීම ජනතාවගේ අපේක්ෂාවයි.
පාසල් යන දරුවා තෘප්තිමත්ද ? විශ්ව විද්‍යාල ශිෂ්‍යයා තෘප්තිමත්ද ? රාජ්‍ය සේවකයා තෘප්තිමත්ද? කම්කරුවා තෘප්තිමත්ද ? ගොවි මහතා තෘප්තිමත්ද ? යනුවෙන් ප්‍රශ්න කළහොත් බහුතරයකගේ පිළිතුර වන්නේ නැත යන්නයි. මෙම නැත යන්න උද්ගත වන්නේ කාගේ වරදින්ද. රජය ,රාජ්‍ය පාලකයන් ඉතාමත් වගකීමෙන් කටයුතු කළ යුතුය, ආර්ථිකයේ සමබරතාවය උදෙසා ණය ගැනීම සීමා කළ යුතුය. රටේ සංවර්ධනයට අවශ්‍ය මුදල් රට තුළින්ම උත්පාදනය කිරිමට සැළසුම් සකස් කළ යුතුය. එසේ නොවීමෙන් සිදු වන්නේ කල්ප කාලයක්ම ශ්‍රී ලංකාව නැමැති පුණ්‍ය භූමියේ ඉපදෙන්නට පෙරුම් පුරන දරුවාද ණයකරුවෙකු වීමයි. සිහිනයක් ව පැවති සංවර්ධනය ළගා කරලීමට නම් රජය, මහජන නියෝජිතයන් ක්‍රමානුකූල වූ වැඩපිළිවළක් නිර්මාණය කරමින් තම පටු දේශපාලන අවශ්‍යතා පසෙක ලා වගකීම් සහගත වූ නීතිගරුක සේවයක නිරත විය යුතුය.
නිසංසලා දිසානායක
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
සයිබර් අවකාශයේ අසීමාන්තිකව කියවන්න



Comments
Post a Comment