බෙහෙත් නෙල්ලි වල විශ්මිත ගුණ

            බෙහෙත් නෙල්ලි ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වන නෙල්ලි විටමින් සී අධික පලතුරක් ලෙස වඩාත් ප්‍රචලිත ය. පලතුරු අතර විටමින් සී බහුලම පලතුර ලෙස සැලකිය හැකි මෙහි නැවුම් පලතුරු පල්ප ග්‍රෑම් 100 ක විටමින් සී මිලි ග්‍රෑම් 250 - 1,800 ක් පමණ අඩංගුය. මෙහි ඉතා වැදගත් ප්‍රතිඔක්සිකාරක හා පොලිෆීනෝලද අඩංගු වේ. එමෙන්ම නෙල්ලි ඖෂධීය ගුණයෙන්ද ඉතා අනූන අතර එහි සියළුම කොටස් ඖෂධීය ගුණයෙන් යුක්ත ය. නෙල්ලි වලින් විවිධ නිෂ්පාදන රාශියක් සකස් කළ හැකිය. නෙල්ලි වල ඖෂධීය ගුණය ආයූර්වේද පොත පතෙහි මනාව සඳහන් කොට ඇති අතර සෞඛ්‍යමත් ජීවිතයක් සඳහා මෙහි ඇති වැදගත්කමද හොදින් හඳුනාගෙන ඇත. එමෙන්ම නෙල්ලි තිත්ත, කහට, පැණි, ඇඹුල් හා ලවණ යන රස පහකින් සමන්විත වන බවද සැලකේ.

        නෙල්ලි වගා කිරීමට පහසු, ගිනි ගැනීම් වලට ඔරොත්තු දෙන, තදබල රෝග හා පළිබෝධ හානි වලින් තොර, අවම වගා පාලන තත්ත්ව යටතේ වුවද හොඳින් වර්ධනය වන බෝගයකි. මෙය ගෙවතු බෝගයක් ලෙස ඉන්දියාවේ සහ ශ්‍රි ලංකාවේ ජනප්‍රිය වන අතර ඉන්දියාවේ වාණිජ වගාවන් දක්නට ලැබේ. ශ්‍රි ලංකාව තුළ ඖෂධීය හා පෝෂණීය ගුණයෙන් සපිරි පලතුරක් ලෙස වසර පුරාම වාගේ සාමාන්‍ය වෙළදපොලෙහි නෙල්ලි දක්නට ලැබේ. මෙම නෙල්ලි සියල්ලම පාහේ නෙලා ගනු ලබන්නේ දැනට වියළි කලාපීය වනාන්තර වල තිබෙන නෙල්ලි ශාක වලිනි. අතරමැදි හා තෙත් කලාපීය ප්‍රදේශ වල සමහර ගෙවතු වලද හොඳින් ඵල දරන නෙල්ලි ශාක දක්නට ඇති අතර ඔවුන් වාර්ෂිකව ඒවා අලෙවියෙන් හොඳ ආදායමක් ලබයි.

        දේශීය නෙල්ලිවල ඵලවල ප්‍රමාණය සහ බරෙහි විශාල විවිධත්වයක් දක්නට ලැබේ. මේ අනුව දේශීය නෙල්ලි ගෙඩියක බර ග්‍රෑම් 4.2 - 11.3 පමණ වේ. මෙරටට විදේශීය රටවලින් හඳුන්වාදී ඇති නෙල්ලි විශේෂයන්හි ගෙඩියක බර ග්‍රෑම් 14.8 - 45 ක් පමණ වේ. ජනතාව විශාල ගෙඩි සඳහා වැඩි කැමැත්තක් දක්වන අතර කුඩා ගෙඩි වලට වඩා ඒවායේ වෙළදපල මිලද ඉහළ අගයක් ගනී.

නෙල්ලි ස්වාභාවිකව ඝර්ම කලාපීය හා උප ඝර්ම කලාපීය දකුණු ආසියාතික වියළි ප්‍රදේශ වල සහ මිශ්‍ර සදාහරිත වනාන්තර වල දක්නට ලැබේ. මෙහි සම්භවය නේපාලයේ දකුණු හිමාල පෙදෙසේත් ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ සිට දකුණටත් ඉන්දියානු උප මහද්වීප රටවල් දක්වාත් පැතිර පවති. මේ රටවල් අතරට ශ්‍රි ලංකාව ද අයත් වේ. ශ්‍රි ලංකාව තුළ වියළි හා අතරමැදි කලාපයේ විශේෂයෙන්ම බිබිල, බදුල්ල, මොණරාගල, ගල්ඔය, බුත්තල, අනුරාධපුර, රත්නපුර හා පොළොන්නරුව ආදී ප්‍රදේශ වල වනාන්තර තුළ ස්වාභාවිකව නෙල්ලි වගාවන් දැකිය හැකිය. තෙත් කලාපයේද ගෙවතු, ප්‍රසිද්ධ ස්ථාන සහ මහා මාර්ග දෙපස නෙල්ලි හොඳින් වැඩී තිඛෙනු දැකගත හැකිය. නෙල්ලි ශාකය මේ අනුව වියළි හා සෞම්‍ය දේශගුණ තත්ත්ව වලදී හොදින් වර්ධනය වන අතර දැඩි ශුෂ්ක දේශගුණ තත්ත්වවලට ඔරොත්තු දීමේ ලක‍ෂණ ද පෙන්වයි.

නෙල්ලි ඵල මාංශල ග්‍රෑම් 100 ක අඩංගු සංයුතියශක්තියකි. 

කැලරි 58, ජලය ග්‍රෑම් 81.3, ප්‍රෝටීන් ග්‍රෑම් 0.5, මේදය ග්‍රෑම් 0.1, කාබෝහයිඩ්රේට ග්‍රෑම්, 13.7, තන්තු ග්‍රෑම් 3.4, ඛණිජ ලවණ මිලි ග්‍රෑම් 0.7, කැල්සියම් මිලි ග්‍රෑම් 50, පොස්පරස් මිලි ග්‍රෑම් 20, යකඩ මිලි ග්‍රෑම් 1.2, විටමින් ඒ මයික්‍රො ග්‍රෑම් 4.0, තයමින් මයික්‍රො ග්‍රෑම් වේ.

ගර්භණි සමය තුළ නෙල්ලි වලින් ලබාගත හැකි අරුම පුදුම ප්‍රයෝජන 7 ක්

මෙම පලතුරේ ඇන්ටි ඔක්සිඩ්න්ට්, විටමින් c අනෙකුත් බොහෝ පෝෂණයන් අඩංගු වෙනවා කියා ඉන්දියාවේ Pachouli Spa and Wellness Center හි පෝෂණ වේදීයෙකු වන ප්‍රීති සෙත් පවසා දැත.

මෙහි ඇති ඖෂධීය ගුණ නිසා බබාලා ලැබෙන්න ඉන්න අම්මලාට හරිම ගුණදායකයි. එක නෙල්ලි ගෙඩියක් හෝ දෙකක් දිනකට ගැනීමද ගර්භණි අම්මා කෙනෙකුට ප්‍රමාණවත් වේ. හොඳම දේ තමයි නෙල්ලි වියළි වුනත් පිටි ආකාරයට වුවත් එහි ගුණයන් නැසෙන්නේ නැත.

බොහෝ විට ගර්භණි සමයේ ඇතිවන සංකූලතා වලට නෙල්ලි හොඳ විසඳුමක් වේ.

1. ඔබේ හැඟීම් ශුභදායක කෙරේ.
ගර්භණි කාලයේ අම්මලාගේ mood එක නැතිනම් හැඟීම් සිතුවිලි වෙනස්වේ. හොර්මෝන වල බලපෑම ඊට විශේෂම හේතුවක්. පුංචි දේටත් ව්‍යාකූල වෙන්න වගේම කලබලයටත් පත් වෙන්න පුළුවනි. ඉතින් මේ වගේ තත්වයන් සමනය කරන්න නෙල්ලි වලට හැක. එමගින් කෝපය සමනය කර ඔබව සන්සුන් කරයි.

2. මළබද්ධය සමනය කරයි.
මළබද්ධය ගර්භණි කාලය තුළ සුලබ තත්වයකි. නෙල්ලි වල ඇති ජීරණය පහසු කරන ෆයිබර් අඩංගු නිසා වැසිකිළි යාම පහසු කරමින් මස්පිඩු සැහැල්ලු කරයි. ඉන් ඔබට පහසුවක් දැනෙයි.

3. තාවකාලික දියවැඩියාව
ගර්භණි කාලය තුළ ශරීරයේ ඉන්සියුලින් වල වෙනස් වීම් මත දියවැඩියා තත්වයන් ඇති විය හැකියි. නෙල්ලි වල ඇති දියවැඩියාව නැසීමේ ගුණය නිසා මෙලෙස එකවර ඇතිවෙන දියවැඩියා තත්වයන් ඇති වන්නේ නැහැ.

 4. අඩු වයසින් දරුවන් ඇති වීමේ අවධානම අඩු කරයි.

නිතර නෙල්ලි කෑම නිසා අඩු වයසින් දරුවන්  ඇති වීමේ අවධානම අඩු කරන අතර ඉපදෙන දරුවාගේ බුද්ධි මට්ටම වර්ධනය කරයි. ඒ වගේම දරුවා ඉපදුනු පසු මවට මව් කිරි නිෂ්පාදනයට ද උදවු කරයි.


5. පපුවේ දැවිල්ල හා ඇසිඩ් ගතියට කදිමයි
හෝර්මෝන වල ක්‍රියාකාරිත්වය නිසා පපුවේ දැවිල්ල හා ඇසිඩ් ගතිය වැඩි වීම සුලබ තත්වයක්. මේ මගින් හානියක් නොවුනත් මවට එය ඉතා අපහසුදායකයි. නමුත් නෙල්ලි යුෂ පානය මීට කදිම විසඳුමක්.

 

6. යකඩ වලින් පරිපූර්ණයි
ගර්භණි කාලය තුළ ඇතිවෙන රක්තහීනතාවයට නෙල්ලි හරිම ගුණදායකයි. ඒ මගින් ශරීරයේ හිමොග්ලොබින් පාලනයට, යකඩ උරා ගැනීමට උදවු වෙන්නේ එහි ඇති විටමින් c නිසයි. මේ නිසා ගැස්ට්‍රික් හා මළබද්ධය ඇතිවීම වළකයි.

 

7. UTI වැනි ආසාදන වලින් ආරක්ෂා කරයි
නෙල්ලි වල ඇති විටමින් c මගින් ආසාදනයන් සමග සටන් කිරීමට ශක්තිය ලැබෙනවා. සෙත් සඳහන් කරනවා. විශේෂයෙන් ගර්භණි සමය තුළ මුත්‍රා අසාදන ඇතිවීමත් වැළක්වීමට නෙල්ලි කදිමයි.

නෙල්ලි විස්මිත ගුණ ඇති ශාකයක් ලෙස හදුන්වා දෙන්න පුලුවනි.

 

අශානි ඉන්දුශිකා

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

Comments

Popular Posts