සුපිරි පරිගණක
සුපිරි පරිගණක
අද මිහිමත පමණක් නොව
සමහරවිට විශ්වයේම ඇති බලසම්පන්නම යන්ත්‍රය ලෙස සුපිරි පරිගණක හැදින්විය හැකිය. ඒ
අතුරින් ද වඩාත්ම බල සම්පන්න සුපිරි පරිගණකය තිබෙන්නේ ඇමරිකාවේ බලශක්ති
දෙපාර්තමේන්තුවට අයත් ඕක් රිජ් ජාතික විද්‍යාගාරයේ
එය. එහි නම ටයිටන් වේ. මිනිසුන්
දහසක් දෙනා අවුරුදු හැට දහසක් තිස්සේ දිවා රෑ නොබලා කරන ගණනය කිරීම් කන්දරාවක් නිවරැදිව
ගණනය කිරීමට මෙම ටයිටන් සුපිරි පරිගණකයට ගතවන්නේ
තත්පරයක් තරම් සුලු කාලයකි.
ප්‍රොසෙසර් 560 640කින්
ක්‍රියාත්මක වන මෙම ටයිටන් සුපිරි පරිගණක
යන්ත්‍රය ලෝකෙ බලවත්ම යන්ත්‍ර බව යන්ත්‍රය බවට නිල වශයෙන් ප්‍රකාශ කළේ පසුගිය 2012 වර්ෂයේ නොවැම්බර් 2වැනිදාය. ඒ ලෝකයේ
නොයෙක් රටවල් තිබෙන සුපිරි පරිගණක සියල්ල හැකියාවන් සලකා බලා ඒවා 1 සිට 500 දක්වා පෙළ ගැස්වීමෙන්
සක්සන top 500 ලයිස්තුවෙනි.
සුපිරි පරිගණක
ලයැයිස්තුවේ මුල් තැන් සිටි ඇමරිකාවේ ටයිටන් හැරුණු විට විට මෙලෙස
තිබෙන අනෙක් ප්‍රකට සුපිරි පරිගණක කිහිපයක් ලෝකය පුරා දැක ගත හැකිය.
·
ඇමෙරිකාවේ IBM Sequoia
·
ජපානයේ
Fujitsu k computer
·
IBM Mira
·
ජර්මනියේ IBM Juqueen
·
ජර්මනියේ IBM SuperMUC
·
ඇමරිකාවේ Dell Stampede
·
චීනයේ Tianhe
·
ඉතාලියේ IBM Fermi
මෙලෙස ලොව පුරා සුපිරි
පරිගණක රැසක් ක්‍රියාකාරීත්වයේ පවතී. මෙම පරිගණක වල ප්‍රධානම වෙනස වන්නේ එහි තිබෙන
අතිමහත් වේගයයි. සුපිරි පරිගණකය වේගය මනින්නේ ෆ්ලොප්ස් ඒකකයෙනි. එනම් තප්පයන දී කළ
හැකි ගණනය කිරීම සංඛ්‍යාව අනුවය.
සුපිරි පරිගණකයය වේගය
රඳා පවතින සාධක කිහිපයක් පවතී. ඉන් ප්‍රධාන සාධකය processor සංඛ්‍යාවයි. processor විශාල ගණනක් එකවර ක්‍රියාත්මක
වන සේ නිර්මාණය කොට තිබීම පරිගණකයක ඇති මූලික ලක්ෂණයකි. එනිසා එය කාමරයක හෝ ශාලාවක
එකලස් කර යුතු තරම් විශාලය. මෙම සුපිරි පරිගණක processor එකිනෙක සම්බන්ධ කරන ආකාරය අනුවද මෙහි වේගය
තීරණය වේ. දෛශික ක්‍රමය නම් පැරණි ක්‍රමයකට අනුවය සම්බන්ධ කිරීමෙන් ද එසේත් නොමැති
නම් මධ්‍යම සැකසුම් ඒකකය සමූහයක් එකිනෙක සම්බන්ධකොට ඇති පොකුණු පරිගණක පද්ධතියකින්
ද යන සාධකය මත සුපිරි පරිගණකවල වේගය තීරණය වේ.
එසේම සුපිරි පරිගණකයේ ෙක්‍රියාත්මකව
තිබෙන පරිගණක වැඩසටහන් ද එහි වේගයට බලපානු ලබයි. වර්තමානයේ සුපිරි පරිගණක වල බහුලව
භාවිතා වන්නේ Unix හෝ Linux මෙහෙයුම් පද්ධතිය.
සුපිරි පරිගණකයක් ක්‍රියාත්මක
වෙන විට මතුවන විශාලතම අර්බුදය වන්නේ පරිගණක පද්ධතිය අධික ලෙස රත්වීමයි එම උෂ්ණත්වය
පාලනය කිරීමට වායු සමනය කාමරවල තැබීමෙන් පමණක් ප්‍රමාණවත් නොවේ. එනිසා පරිගණක
පද්ධතිය කොටස් වශයෙන් වෙන් කර ස්ථාපිත කරනු ලබයි. මෙලෙස උපදින උෂ්ණත්වය අවම වන තරමට
සුපිරි පරිගණකයේ වේගය ද ඉහළ නංවාගත හැකිය.
සුපිරි පරිගණකයක වේගය
කෙරෙහි එය ලබා ගන්නා විදුලිය ද බලපෑම් කරනු ලබයි. සුපිරි පරිගණකයක් ක්‍රියාකරවීමට
අධික විදුලියක් අවශ්‍ය වේ. මේ සදහා වැය වන විදුලිය කිලෝවොට් වලින් ගණණය කරනු
ලබයි. ජපානයේ Fujitsu k computer සුපිරි පරිගණකය ක්‍රියාත්මක වීමට කිලෝවොට් 12
660ක් අවශ්‍ය වේ. එම විදුලියෙන් එකවර වොට් 100 විදුලි බුබුළු 120 000ක් පමණ දැල්විය
හැකිය.
මෙලෙස ඉතා විශාල
ධනස්කන්ධයක් වියදම් කර ලෝකයේ තිබෙන සෑම සුපිරි පරිගණකයක්ම ස්ථාපනය කර නඩත්තු
කෙරෙන්නේ විශේෂ ප්‍රයෝජනයන් ලබා ගන්නටය. එසේ ලබා ගන්නා ප්‍රයෝජන වෙන කිසිදු
උපකරණයකින් සිදුකළ කළ නොහැකිය. සුපිරි පරිගණක නොතිබුණ නම් එම සුවිශේෂී කර්තව්‍යය
ඉටු කර ගැනීමට හැකියාවක් නොලැබේ. සුපිරි පරිගණක යොදාගනු ගනු ලබන ප්‍රධානම කාර්යය
වන්නේ විවිධ විශාල ගණනය කිරීම් ඉතා ඉක්මනින් අවසන් කිරීමටයි. මූලාශ්‍ර තුලින් ලැබෙන තොරතුරු ඉතා ඉක්මනින් විශ්ලේෂණය
කිරීමට සුපිරි පරිගණක වලින් හැකියාව ලැබේ.
පර්යේෂකයින්ට ඖෂධ
නිෂ්පාදනයට ඕනෑ කරන සංකීර්ණ තොරතුරු විශ්ලේෂණයට, රසායනික ප්‍රතික්‍රියා
නිරවුල් කොට ගැනීමට, ඉතා සංකීර්ණ සමීකරණයන් තේරුම් ගැනීම්ට ඒවා විශ්ලේෂණය කිරීමටට
මෙමගින් හැකියාව ලැබේ. සාමාන්‍ය අයුරින් මිනිසුන් මෙම ගණනය කිරීම් සිදුකරන්නේ නම් අවුරුදු සිය ගණනක් ලියා ගණනය
කිරීම් සිදු කළ යුතු රසායනිකික සමීකරණ විවිධ පර්යේෂණ සමීකරණ ආදිය පැයක් දෙකක්
ඇතුළත නිවැරදිව සකසා
ප්‍රතිඵල ලබා දීමට මෙම සුපිරි පරිගණක වලට හැකියාව පවතී.
න්‍යෂ්ටික අවි නිවැරදි
ඉලක්ක කිරීමට ගණනය කිරීම් රැසක් විසඳිය යුතුය. එම ගණනය කිරීම් සිදු කිරීමට ද
සුපිරි පරිගණක භාවිතා කරයි. ඇමරිකාවේ ලෝරන්ස් ලිවර්මෝල් ජාතික විද්‍යාගාරයේ ASC Purple සුපිරි පරිගණකයෙන් ඇමරිකානු
නෂ්ටික වැඩසටහන් ක්‍රියාත්මක වේ.
ප්‍රංශයේ නෂ්ටික අවි
ආරක්ෂාව සම්බන්ධයෙන් සියලු කටයුතු ක්‍රියාත්මක වන්නේ TERA - 10 සුපිරි පරිගණකය මගිනි.
අභ්‍යාවකාශ යානා නිරැදිව කක්ෂ ගත කිරීමද ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. ඒ සදහා ඇමරිකාවේ
නාසා ආයතනය වෙනුවෙන් සිලිකන් ග්‍රැෆික්ස් සමාගම විසින් නිර්මාණය කර තිබෙන
කොලොම්බියා සුපිරි පරිගණකය අමෙරිකානු අභ්‍යවකාශ ව්‍යාපෘති සියල්ලම මෙහෙයවනු ලබයි.
පරිගණක 2002 වසරේ සිට 2004 වසර දක්වා ම
ලෝකයේ වේගවත්ම සුපිරි පරිගණකය වූයේ ජපානය Earth Simulator පරිගණකයයි. ඇමරිකානු ඩොලර් කෝටි 35ක වියදමින් ටෙනිස් පිටි හතරක් පමණ විශාල ඉඩක
පිහිටුවා තිබෙන earth simulator පරිගණකයෙන්
සිදුකෙරෙන්නේ ලෝකයේ කාලගුණය පිළිබඳ තොරතුරු විශ්ලේෂණය කිරීමයි.
පරිසර උෂ්ණත්ව
වෙනස්කම්, භුමියේ වෙනස් වීම්, භූමිකම්පා ඇති වීම් රටාවන්, කුණාටු අතිවීම්, සුළං
වේගයන් ආදී ගණනය කිරීම සිදු කිරීමට මෙම සුපිරි පරිගණකය භාවිතා කරයි.
මෙලෙස මිනිසාට පහසුවෙන් සිදුකල නොහැකි විවිධ
කාර්යයන් රැසක් සිදුකර ගැනීමට සුපිරි පරිගණක මගින් සහාය ලබාගනී. මිනිසා විසින්
මිනිසාගේ කටයුතු වඩාත් පහසු කර ගැනීමට
නිර්මාණය කර තිබුණු සුපිරි පරිගණක සැමවිටම මිනිසාගේ සුබසිභසිද්ධිය උදෙසා පමණක් භාවිතා කරනවා නම්
වඩාත් යහපත් වේ.











Comments
Post a Comment