වෙනිවැල් ශාකය

 

සිනිඳු පොත්තක් සහිතව විශාල ව වැඩෙන කාෂ්ඨමය වැලක් වශයෙන් වෙනිවැල් ශාකය හැඳින්විය හැකි ය. වෙනිවැල් (coscinium Fenestratum (Gaertn) Colebr) නම් උද්භිද විද්යාත්මක නාමයෙන් හඳුන්වයි. මෙය Menisrermaceae (ගුඩුචි) නම් කුළයට අයත් වෙයි. ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපීය වනාන්තර පරිසර පද්ධතිවල දී සුලභව හමුවෙයි.  මෙහි ළපටි කඳ කොටස් සිහින් කහ පැහැ බූවකින් වැසී පවතී. සෙ. මී. 10 - සෙ. මී 20 පමණ විශාල පත්‍ර පළල් හා රවුම්ය. අග දෙසට තියුණු ලෙස සිහින් වේ. පත්‍ර මතුපිට දිලිසෙන සුළු හා සිනිඳුයි. පහළ කොටස් කහ පැහැ බූවකින් වැසී පවතී. අතිතයේ මී ගවයන් බැඳීමට භාවිත කල ශක්තිමත් වරපටක් වන බැවින් බාන්වැල් යනුවෙන්ද ව්යවහාර වෙයි. බරපතල ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මෙම ශාකය ඉන්දු-මලයාන් කලාපයට ආවේණිකයි. එය ශ්‍රී ලංකාව, ඉන්දියාව, මැලේසියාව, වියට්නාමය, මියන්මාරය, සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවල දක්නට ලැබේ.

 

ඉතා වටිනා ඖෂධයක් ලෙස වෙනිවැල් භාවිතය මෙලෙස විමසා බලමු. වෙනිවැල් ශාකයෙන් ඖෂධ සඳහා වැලෙහි මහත් ව පවතින ගැට, කඳ කොටස් හා මුල් භාවිතයට ගනී. වා, සෙම්, සමනය කරයි. වේදනාව සමනයට සේ ම කුසගින්න දැල්වීමට ද සමත් ය. ආහාර දිරවීමට උපකාරී වේ. පණුවන් නැසීමටත්, දහදිය ඉපදවීමට මෙන් ම, උණ අඩු කිරීමටද වෙනිවැල් උදවු වේ. ඖෂධ වටිනාකම බෙහෙවින් වැඩි වෙනිවැල්, ඈත අතීතයේ පටන් අද දක්වා රූප සම්පත්තිය වැඩි කිරීම සඳහා ශරීරයේ ගැල්වීමට කාන්තාවන් ප්රයෝජනයට ගනී.

 

ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට තැම්බූ වතුර බීමට දීම හා වෙනිවැල් පත්පාඩගම් තැම්බූ වතුර දීම උණට ගත හැකි බෙහෙතකි. එසේ ම වෙනිවැල් ඇල්දියෙන් අඹරා හිසේ ගැල්වීම හිසරදයට කරන අත් බෙහෙතකි. වෙනිවැල් මුල් තම්බා ගත් ජලයෙන් සේදීම තුවාල සහ කුඩා බිබිලි පිරිසුදු කිරීමට යෝග්ය වේ. එසේ ම වෙනිවැල් සහ කහ එකට අඹරා ගෑම කැසීිම් සහිත බිබිළි ඇතිවිට සුදුසු බව හෙළ වෙදකමේ සදහන් වේ.

 

තව ද සර්ප විසට වෙනිවැල් තම්බා බීමට දීම යෝග්‍ය වේ. උණෙන් හට ගන්නා ශරීර අප්රාණික භාවයට ද සුදුසුයි.කූඩැල්ලාගේ විසට වෙනිවැල්ගැට කුඩු එළඟිතෙලින් අඹරා ආලේප කිරීම යෝග්ය වේ. රූපාලංකාරයට භාවිත කිරීම ද මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයකි. සම පිරිසුදු කරන ඖෂධයක් ලෙස බෙහෙවින් ඉවහල් වන බව කිව හැකි ය.

 

කුඩා දරුවන් නෑවීමට ද වෙනිවැලි ප්රයෝජනයට ගනී. කුඩා ළමයින්ගේ රතගායට, වෙනිවැල් ගැට තැම්බූ වතුරෙන් ඇඟ සේදීම සුදුසු යි. අද විශේෂයෙන් භාවිතයේ පවතින දෙයක් ලෙස සෙම්ප්‍රතිශාවට සුදුසු බව හෙළ වෙදකමේ පෙන්වා  දෙයි.

 

© අසීමාන්තික WEB MAGAZINE

අන්තර්ජාලය ඇසුරින්

අෂානි ඉන්දුෂිකා

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය


අසීමාන්තික WEB MAGAZINE
සයිබර් අවකාශයේ අසීමාන්තිකව කියවන්න

Comments

Popular Posts