රුසියානු මහා ගත්කතු
ලියෝ ටෝල්ස්ටෝයි
රුසියාව කේන්ද්‍ර කරගෙන
උපන් සාහිත්‍ය නිර්මාණවලට ලොව පුරා පාඨකයන් තුල ඉහළ රුචිකත්වයක් දැකිය හැකිය.
රුසියානු කතුවරුන්ටද එවැනිම කැමැත්තක්, ගෞරවයක් දක්වනු ලබයි. ලියෝ ටෝල්ස්ටෝයි එලෙස
ගෞරවාදරයට පාත්‍රවන ශ්‍රේෂ්ඨ රුසියානු කතුවරයෙකි.
ලියෝ ටෝල්ස්ටෝයි උපත
ලැබුවේ වර්ශ 1828 අගෝස්තු මස 28වනදාය. වංශවත් පවුලක උපන් ඔහුගේ පියා ඉලිව්
ටෝල්ස්ටෝයි සිටු පරපුරකින් පැවත එන ඉඩම්
හිමි රදළ වංශවතෙකි. මව මරියා නිකොලොව්නා රජ පවුලට සම්බන්ධ කාන්තාවකි. ටෝල්ස්ටෝයි
පරපුරට අයත් ඉඩම් ප්‍රමාණය අක්කර 5700ක් පමණ බව පැවසේ. එම ඉඩම් ‘යස්නායා පොල්
යානාව‘ ලෙස හැදින්වේ. ටෝල්ස්ටෝයි උපන් නිවස කාමර 40ක් පමණ ඇති සුවිශාල නිවසකි.
නිවසේ හා ඉඩම්වල සේවක සංඛ්‍යාව 300කට අධිකය. ටෝල්ස්ටෝයි කුඩා කළ සැප සම්පත් අනූන
දිවියක් ගත කර තිබේ.
කෙමෙන් කෙමෙන් ළමා වියේ
හැදී වැඩෙන ටෝල්ස්ටෝයි හට ඒ සතුට විදින්ට හැකි වුයේ කෙටි කාලයකි. ටෝල්ස්ටෝයිගේ මව
ඔහු කුඩා කාලයේදීම මියයන ලදී. ඉන් වසරකට පසු ඔහුගේ පියාද මියයන ලදී. ඉන්පසු
ටෝල්ස්ටෝයි හා සහෝදරයින් තිදෙනාත්, සහෝදරියත් හැදි වැඩුණේ පුංචි අම්මා සමගින්ය.
එකළ රුසියානු සමාජයේ අන්
දරුවන් මෙන්ම ටෝල්ස්ටෝයි ද මූලික අධ්‍යාපනය ඇරඹුවේ නිවසිනි. වයස අවුරුදු 8දී පමණ
මොස්කව් හි පාසලක අධ්‍යාපනය අරඹා ඇත. කුඩා කළ සිටම පොත් කියවීමට මහත් රුචියක්
ටෝල්ස්ටෝයි තුල විය. වයස අවුරුදු 16 දී පමණ ඔහු උසස් අධ්‍යාපය වෙනුවෙන් කෙසාන් විශ්වවිද්‍යාලයට ඇතුලත් විය. එහෙත්
ටෝල්ස්ටෝයිට උපාධියක් ලබා ගැනීමට කිසිදු ආසාවක් නොවීය. එම නිසා විශ්වවිද්‍යාලයෙන්
ඉවත් වන ඔහු තමා වඩාත් ඇලුම් කළ සාහිත්‍ය කලාව වෙත යොමු විය.
සරසවිය අතහැර නිවසට ආ
තරුණ ටෝල්ස්ටෝයි සිය පිය උරුමයෙන් ලත් ඉඩම්වල වගා කරමින් එ්වා පිළිබද සොයා බලමින්
කාලය ගෙවීය. වතු සේවකයින් සමග ටෝල්ස්ටෝයි ඉතා සුහදව කටයුතු කළ බව පැවසේ.
සේවකයින්ගේ සිත් දිනා ගත්තද තරුණ ටෝල්ස්ටෝයි මුදල් නාස්තිකාරයෙක් විය. අධික මුදල්
නාස්තිය අවසානයේ ඔහුව ණය ගැතියෙකු බවට පත් කරන ලදී.
ණය බරින් මිරිකී සිටි
ටෝල්ස්ටෝයි හමුදා සේවයට එක් විය. හමුදා සේවයේ සිටියද ඔහු තුල වූ සාහිත්‍ය ඇල්ම
මැකී ගියේ නැත. ටෝල්ස්ටෝයි සිය පළමු කෘතිය වන ‘බාල විය‘ රචනා කරන්නේ මෙලෙස හමුදා
සේවයේ සිටියදී ය. සිය ළමා කාලය හා සමකාලීන සමාජය අලලා එම කෘතිය රචනා කරන තිබේ.
ටෝල්ස්ටෝයි තම පළමු කෘතිය පළමුව පිළිගැන්වූයේ සිය නැන්දනියටයි. ඇගෙන් ලැබුණු
දිරිගැන්වීම් ඔස්සේ ටෝල්ස්ටෝයි ‘ළමා විය‘ නමින් දෙවන කෘතිය සහ ‘තරුණ විය‘ නමින්
තෙවන කෘතියත් රචනා කරන ලදී. ටෝල්ස්ටෝයිගේ මෙම පොත් පාඨකයින් ඉතා ආදරයෙන් භාරගැනීම
නිසා ටෝල්ස්ටෝයි තවදුරටත් දිරිමත් විය. තවදුරටත් ලිවීමේ යෙදුණු ඔහු ශ්‍රෙෂ්ධ
කතුවරයෙකු වීමේ ගමන අරඹන ලදී.
ටෝල්ස්ටෝයිගේ කෘති අතර
විශිෂ්ඨ කෘතියක් ලෙස යුද්ධය හා සාමය නවකතාව හැදින්වේ. ක්‍රි.ව. 1805 සිට 1815
දක්වා කාලයේ සිදු වූ නැපෝලියන් බොනපාට්ගේ රුසියානු ආක්‍රමණය පාදක කරගනිමින් මෙම
කෘතිය රචනා කර තිබේ. යුද්ධය හා සාමය ග්‍රන්ථයේ චරිත 500ක් පමණ ඇතුලත්ය. සාර්
අධිරාජ්‍යාගේ සිට යුධ නිලධාරීන් රදළවරු
ආදී චරිත රැසක් මෙහි දැකිය හැකිය. මෙම කෘතිය යුරෝපය පුරා මහත් ආන්දෝලයක් ඇති
කිරීමට සමත් විය. බොහෝ විචාරකයින්ගේ විවේචන එල්ල වූ කෘතියකි යුද්ධය හා සාමය. නමුත්
මෙම කෘතිය ලෝක සාහිත්‍යායේ විශිෂ්ඨම කෘතියක් බවට පත්විය.
ටෝල්ස්ටෝයිගේ තවත් අග්‍රගණ්‍ය
කෘතියකි ‘ඇනා කැරනිනා‘ කෘතිය. රුසියානු සමාජයේ රදල වංශවත් කාන්තාවක් පාදක
කරගනිමින් මෙය රචානා කර තිබේ. මෙම කෘතියෙන් රුසියානු රදළ සමාජය පිළිබදව මැනවින්
විග්‍රහ කර ඇත.
ටෝල්ස්ටෝයි ලේඛකයෙකු
මෙන්ම විශිෂ්ඨ සාහිත්‍ය විචාරකයෙකි. ටෝල්ස්ටෝයි සමාජ මතවාද පසෙක ලා කලාව
සම්බන්ධයෙන් ස්වාධීන සෘජු අදහසක් දැරූවෙකි. ටෝල්ස්ටෝයි කලාව පිළිබද තම අදසහ ‘කලාව
යනු කුමක්ද?‘ කෘතියෙන් ඉදිරිපත් කර තිබේ. එම කෘතියද දැඩි මතභේදාත්මක විය.
ටෝල්ස්ටෝයි විසින් රචිත
එකිනෙකට වෙනස් කෘති රාශියකි. කෙටි කතා, නවකතා මෙන්ම නාට්‍ය නිර්මාණ ද ඔහු විසින්
නිර්මාණය කර තිබේ. බාල විය, ළමා විය, තරුණ
විය, යුද්ධය හා සාමය, ඇනා කැරනිනා, වටලෑම, බිලියඩ් ලකුණ, ඉඩම් හිමියෙකුගේ උදෑසන,
කොසැක්ස්, දෙදෙනෙකුගේ මතක සටහන්, පවුලේ ප්‍රීතිය, වලස් දඩයම, මරණ තුනක්, දූෂිත
පවුලක්, නාස්තිවාදියා, සුරා පෙරන්නා, අදුරේ බලය, මළකද, යාර පොල්ල, ක්‍රොයිස්ටර්
සොනාටා, පොලිකුෂ්කා ආදී නිර්මාණ රැසක් ටෝල්ස්ටෝයි විසින් ලෝකයට දායාද කර ඇත. 1890
දී රචනා කර ඇති ‘පුනරුත්තාපනය‘
ටෝල්ස්ටෝයිගේ අවසාන කෘතියයි. ශරීර ශක්තියෙන් පිරිහුණද අවසාන කාලයේදීත් ‘සියල්ලටම
හේතුව‘ නමින් නාට්‍යක් ඔහු රචනා කර ඇත. එහෙත් ටෝල්ස්ටෝයි මියයන තුරුම එය ප්‍රසිද්ධියට
පත් නොවුණි.
අසූවැනි වියේ දී සිය
නිවස හැර යෑමට ටෝල්ස්ටෝයි තීරණය කර ඇත.
“මෙසේ වෙන්ව යෑම ඔබට
ශෝකය ගෙන දෙනු ඇත. ඒ ගැන මා කණගාටු වන නමුත් ඒ හැර වෙන කරන්නට දෙයක් මට නැත“
යනුවෙන් අවසන් වරට ඔහු
සිය දියණියට ලියා තබා ඇත. අරමුණකින් තොරව ගමන් කල ඔහු දුම්රියක නැගී ගමන් කර ඇත.
දුර්වල ශරීරයට ඔරොත්තු නොදෙන අධික සීතල හේතුවෙන් නාදුනන පළාතක දී ටෝල්ස්ටෝයි
දුම්රියෙන් බැස දුම්රිය ස්ථානාධිපති කුටියට ගොස් ඇත.
ලෝක සාහිත්‍ය පෝෂණය කළ
මහා ගත්කරු ලියෝ ටෝල්ස්ටෝයි ඒ කුටියේ දී කිසිවකු නැති අසරණ පුද්ගලයෙකු ලෙස අවසන්
සුසුම හෙළා ඇත. ඒ වර්ෂ 1910 නොවැම්බර් මස 20දාය.
ටෝල්ස්ටෝයිගේ අවසන්
කටයුතු සිදුව ඇත්තේ දැඩි රාජ්‍ය විරෝධතා මැදය. ගොවීන් කම්කරුවන් කෙරෙහි
අනුකම්පාවෙන් කටයුතු කළ මේ විශිෂ්ඨ ලේඛකයා වෙන්වීම නොයවසූ ගොවීන්, කම්කරුවන්
මෙලෙස සටහනක් ටෝල්ස්ටෝයි වෙනුවෙන් තබා ඇත.
ලියෝ නිකොලයෙව්තුමනි,
යස්නායා පොල්නාවෙහි අනාථ වූ ගොවියන් වූ අපට ඔබගේ කරුණාව පිළිබද මතකය සදාකල්හිම
නොනැසී පවතිනු ඇත.
තොරතුරු අන්තර්ජාලය
ඇසුරින්
©අසීමාන්තික Web Magazine
| සචින්ත සෙනරත්



Comments
Post a Comment