වෙද හාමිනේ
මෙම ගීතය ඇසෙද්දී ම අපට මතක් වන්නේ අව්‍යාජ වෙද හාමිනේ කෙනෙකු වටා ගෙතුණු කතන්දරයයි. දරුණු රෝගයකින් පෙළෙන
නාගරික පරිසරයක හැදුණු “ගුනේන්ද්‍ර” ත්, ඔහුව සුවපත් කරන “මංගලිකා”ත් වටා ගෙතුණු මෙම
ටෙලිනාට්‍යයේ නම “වෙද හාමිනේ ය”. ඕනෑම
ම දැවැන්ත චරිතයක් හරි ම ස්වභාවික ලෙස රංගනය කිරිමට කමල් අද්දරආරච්චි ට තියෙන හැකියාව, ගුනේන්ද්‍රගේ
චරිතයෙන් අපට හොඳින් ම නිරූපණය වේ. නැසීගිය රෙබෙකා නිර්මලී මහත්මියගේ
අපූරු රංගනය, වෙද හාමිනේ හෙවත් “මංගලිකා”ගේ චරිතය අප සිත්
තුළ ජීවමානය.
ශ්‍රී ලාංකීය දේශීය
වෛද්‍ය ක්‍රමය තුළින් සුව පිළි නො හැකි පිළිකා රෝගය විශ්මිත අයුරින් සුව කරන ආකාරය දැක්වෙන වෙද හාමිනේ ටෙලි වෘතාන්තය ශ්‍රී ලාංකීය හෙළ වෙදකමහි වටිනාකම මැනවින් නිරූපිතය . ජයන්ත
චන්ද්‍රසිරි
මහතා ගේ අධ්‍යක්ෂණයෙන් කමල්
අද්දරආරච්චි ,රෙබේකා නිර්මලී, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජැක්සන් ඇන්තනී, චාන්දනී සෙනෙවිරත්න, එඩ්වඩ් ගුණවර්ධන ප්‍රධාන චරිත නිරූපණයේ
යෙදෙන ලාංකේය ටෙලිනාට්‍යය ඉතිහාසයේ විශිෂ්ටතම ටෙලිනාට්‍යයක් ලෙස සැලකෙන වෙද හාමිනේ
එසේ විශිෂ්ඨ බවට පත්කිරීමට අධ්‍යක්ෂණය ,තිර රචනය,රගපෑම් හා සංගීත අධ්‍යක්ෂණය ද මනා
ලෙස ඉවහල් විය.මෙතරම් අපූරුවට බටහිර සංගීතය හා පෙරදිග සංගීතය මුසුවූ පසුබිම්
සංගීතයක් සහිත ටෙලිනාට්‍යයක් බිහිවී නැත.
ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ගේ අපූර්වතම සංගීතය අඩංගු මෙහි "දූවිල්ලෙන් සැදුණ ලියේ" ගිතය ප්‍රවීණ ගායන ශිල්පිනී ප්‍රදීපා ධර්මදාස විසින් හා "සදකැන් දහරින් "ගීතය අප අතරින් වෙන්වී ගිය ප්‍රවීණ ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල විසින්ද ගායනා කරයි."දූවිල්ලෙන්" ගීතය පටිගත කරද්දී මුලින්ම ගැයෙන "දූවිලි.. දූවිලි ..දූවිලී.."කොටස තමාට කිහිප වරක්ම ගායනා කිරීමට වූ බවත් ආචාර්ය කේමදාසයන්ගේ සිතට තෘප්තිමත් වන ශෘතිය ආ පසු එය පටිගත වූ බවත් ප්‍රවීණ ගායන ශිල්පිනී ප්‍රදීපා ධර්මදාස වරෙක පුවත්පතක දක්වා තිබූ බව තිබිණි..මෙහි සදකැන් දහරින් ගීතය ඉතා ජනප්‍රිය විය.
කමල් අද්දරආරච්චි පියා හා පුතා ලෙස
ද්විත්ව චරිත නිරූපණයෙන්ද,රෙබේකා නිර්මලී ඉස්කෝලෙ හාමිනේ හා පසුව පුංචි වෙද හාමිනේ
ලෙසද ,එඩ්වඩ් ගුණවර්ධන ඉතා දක්ෂ වෙද මහතෙකු ලෙසද(රෙබේකා නිර්මලී මෙම වෙද මහතාගේ
දියණියයි) ,ශ්‍රියන්ත මෙන්ඩිස් කමල් ගේ අතිජාත මිතුරා ලෙසක්.ඒ වගේම මෙහි කමල්
අද්දරආරච්චි වෙනුවෙන් එක් ගීයක් බටහිර රටක ගායන ශිල්පියෙකු විසින් ගායනය කරනවා.
එදාටත් වඩා අදට වඩාත් ගැලපෙන මාතෘකාවක්
වන පිළිකා රෝගය හා එයට ප්‍රතිකාර ගන්නට එන කොළඹ ව්‍යාපාරික ,සෙල්ලක්කාර තරුණයෙකු
හා ඔහුට ප්‍රතිකාර කරන වෙද මහතාගේ දියණිය අතර ඇතිවන ප්‍රේම සම්බන්ධය මෙහි ප්‍රධාන
තේමාවයි. බටහිර වෙදකම පරයන අපේ සිංහල වෙදකමේ වටිනාකමත්
හොදින්ම කියැවෙන මෙහි වෙද හාමිනේ ලෙස අපේ සිත් ගත් රංගන ශිල්පීනී රෙබේකා නිර්මලී
දැනට අප අතරින් සමුගෙන ගොස් ඇති නමුත් ඇගේ රංගනය සදා ප්‍රේක්ෂක සිත් තුල ජීවමාන
කරවීමට ඇයට මේ නිර්මාණය තුළින් හැකිවිය.ඒ ලෙසම කමල් අද්දරආරච්චි, ශ්‍රියන්ත
මෙන්ඩිස් තම උපරිම රංගනය පරාසයක් පෙන්වූ ටෙලිනාට්‍යයක් ලෙසද ගත හැකියි .කෙසේ වූවත්
වටිනා නිර්මාණ නැරඹීමට කවදත් ප්‍රිය කරන බොහෝ දෙනෙකුගේ ඉතාමත් සිත් ගත් මෙම අපූරු
ටෙලි නිර්මාණය ඔබ නරඹා නොමැති නම් අනිවාර්යයෙන්ම නම් නැරඹීම මැනවැයි සිතමි.
රාජිනී නිසංසලා
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය



Comments
Post a Comment