ස්වදේශිය නිෂ්පාදන රැල්ලක් හදමු.
නිෂ්පාදන ,කර්මාන්ත යනු විවිධ වියතුන් විවිධාකාරයට නිර්වචනය කොට ඇති මාතෘකාවකි. ලංකාවේ නිෂ්පාදන, කර්මාන්ත පිළිබදව සිය ෑEconomic changes of Sri Lanka (Geographical
Perspectives නම් ග්‍රන්ථයේදී මහාචාර්ය පී. එච්. පීරිස් මහතා නිෂ්පාදන කර්මාන්ත හඳාුන්වා දී ඇත්තේ “කුමන හෝ අමුද්‍රව්‍යක් පදනම් කොට අර්ධ හෝ සම්පූර්ණ නිමැයුම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම වශයෙනි” එමෙන්ම නිශ්පාදන කර්මාන්ත යන්නෙහි පැතිරීම අනන්ත විෂය පරාසයක් පුරා ව්‍යාප්තව පැතිරී ඇති බව පීරිස් මහතා වැඩිදුරටත් දක්වා ඇත. නිෂ්පාදන කර්මාන්ත වර්ගීකරණය සඳාහා විවිධ සාධක උපයෝගී කර ගනු ලැබේ. එම සාධක අතර ශ්‍රමික ප්‍රමාණය, නිෂ්පාදනය කරන ද්‍රව්‍ය හා ප්‍රමාණය ,භාවිත කරන බලශක්තිය වෙළදපොළ සමග ඇති සබදතාව, යන්ත්‍ර සූත්‍ර භාවිතයේ ස්වාභාවය වැනි සාධක වැදගත් වේ, එම වැදගත් වන සාධක නියමාකාරයෙන් නිෂ්පාදන හා කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් ස්වදේශිය නිෂ්පාදන තුළින් ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් නිර්මාණය වනු බව නොඅනුමානය.
ශ්‍රී ලංකාවේ ඉපැරණි ශිෂ්ටාචාරය දෙස බලන විට එය ජල කළමණාකරණය මත පදනම් වූවක් බව පැහැදිලිය. මේ අනුව ජල කළමණාකරණය ආශ්‍රිත තාක්ෂණය හා නිෂ්පාදන කර්මාන්ත අතීතයේ සිටම ලංකාව තුළ ප්‍රවර්ධනයට ලක් විය. මීට අමතරව පුරාවිද්‍යාත්මක සාධක වලට අනුව ලෝහ හා මැටි භාණ්ඩ නිෂ්පාදනය ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තද අතීතයේ සිට ලංකාව තුළ විශිෂ්ඨ මට්ටමකින් පැවතුණි. අතීතයේ මෙන් වර්තමානයේද ස්වදේශිය නිෂ්පාදන හා කර්මාන්ත සංවර්ධනය කිරීම තුළින් ජාත්‍යන්තරයේ පවා ශ්‍රී ලාංකික සන්නාමය බැබළවීමට කටයුතු කළ හැකි කාලය උදා වි ඇත.
Made in චයිනා ,මේඞ් ඉන් ජැපෑන්, වියට්නාම් ආදී අන්‍ය දේශයන්හි ඇතැම් අහිතකර නිෂ්පාදන මත යැපුණු යුගය අවසන් කළ යුතුය. සස්ශ්‍රීක පොළවක් ,පරිසර හිතකාමී අමුද්‍රව්‍ය වලින් සපිරි මෙම සුන්දර දේශය තුළ ස්වදේශිකත්වය අභිමුඛ කරගත් සාඩම්බර වූ නිෂ්පාදන හා කර්මාන්තයන් ආරම්භ කිරීමට අවශ්‍ය වන සම්පත් නොමදව පවතී. කළ යුත්තේ එම සම්පත් නියමාකාරයෙන් යොදා ගනිමින් දේශිය නිෂ්පාදන රැල්ලක් ආරම්භ කිරීමයි. මේ වන විට ශ්‍රී ලාංකික සමාජය තුළ සිය රට දේ පිළිබද වටිනාකමක් ,සමාජ කථිකාවතක් නිර්මාණය වී ඇත. බැලු බැලු සැම තැන ශ්‍රී ලාංකික කර්මාන්තකරුවන්ගෙ,් නිර්මාණකරුවන්ගේ දෑතින් නිම වූ ස්වදේශිය නිෂ්පාදන දක්නට ලැබේ. මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය දේශිය කර්මාන්තයන් නගා සිටුවීමට තාක්ෂණික දායකත්වයක්, ප්‍රචාරයක් ලබා දේ .එයට අමතරව නව ආණ්ඩුවෙහි පත් වූ අමාත්‍යවරු කර්මාන්ත හා නිෂ්පාදන නගා සිටුවීමට ඔවුන්ගේ නොමද දායකත්වයක් ලබා දෙමින් සක්‍රීය ලෙස සේවයට සම්භන්ධ වීම පැසසුමට ලක් කළ යුතු කරුණකි.
ශ්‍රී ලාංකික ජන සමාජය තුළ විවිධ ප්‍රදේශයන්ට ආවේනික වූ කර්මාන්ත, නිෂ්පාදන පවත.ී මැටි, සෙරමික් ,බතික්, පන් ,වේ වැල්, පිත්තල, ලී, රේන්ද ඇගලුම්, රන් රිදී ආදී වූ නොයෙකුත් කර්මාන්තයන් තුළින් නිමවෙන ලංකාවටම ආවේණික වූ ගුණාත්මක අමුද්‍රව්‍යන්ගෙන් සපිරි නිෂ්පාදන තුළින් දැවැන්ත ආර්ථිකයක් කරා රට ගෙන යාමට කර්මාන්තරුවන් නොමද දායකත්වයක් ලබා දේ. ශරීරයට අහිතකර විදෙස් භාණ්ඩ මත යැපුණු සමාජ ක්‍රමය දේශියත්වය අගයන සමාජයක් බවට පත් කළ යුතුය. බෑන්ඩඞ් ඇදුම් මතම යැපෙන විදෙස් නිෂ්පාදන අගය කරන ඇතැම් පිරිස් බතික් ,රේන්ද ඇගලුම් නිෂ්පාදයන්හි පවතින වටිනාකම නොදන.ී නමුදු බෑන්ඞ් එකක් බවට පත් විය යුත්තේ අපේ රටෙහි නිර්මිත වන දෑය. වර්තමානය වන විට මැටි ආශ්‍රිත නිෂ්පාදන කෙරෙහි නව වෙළද පොළක් නිර්මාණය වී ඇති බව පෙනේ. සමාජ මාධ්‍යයද එයට පුළුල් ප්‍රචාරයක් ලබා දේ. ලාංකිකයෝ නන්ස්ටික්, ඇලුමිනියම් භාජන වල ආහාර පිස ගනිමින් වස විස ශරීරය එක් කර ගනිති. මැටි ආශ්‍රිත නිෂ්පාදන තුළ ශරීරයට අහිතකර නොවන කිසිදු දෙයක් අන්තර්ගත වී නොමැත. අපට ඇලුමිනියම් හැදි වෙනුවට පොල්කටු හැදි භාවිතා කළ හැක.පොලිතින් බෑග් වෙනුවට පන්, වේවැල්, ගෝනි බෑග් භාවිතා කළ හැක.
අප කළ යුත්තේ විදේශිය නිෂ්පාදන පරිහරණය කිරීම තුළින් අහිතකර අවධානමක් ලබා ගැනීම නොව ස්වදේශිය. ගුණාත්මක නිෂ්පාදන වෙනුවෙන් දා බිදු හෙලනා දේශිය නිර්මාණකරුවන් ශක්තිමත් කිරීමය. ඇතැම් වෙළද සැල්හි ද දේශිය නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් පාරිබෝගික පිරිස්හි අවධානය ඇති වන පරිදි නිෂ්පාදන අලෙවි කිරිම සිදු කරනු ලබය.ි ප්ලාස්ටික් භාජන ,පිගන් ,කෝප්ප වෙනුවට ඖෂධිය දැව වලින් නිපදවන මුලුතැන්ගෙයි උපකරණ වෙළද පොළට නිකුත් වී ඇත. දේශිය කර්මාන්තකරුවාගේ නිර්මාණ ශක්තියට මහන්සියට නිසි වටිනාකමක් හිමි විය යුතුමය. කළ යුත්තේ අපේ රටේ නිර්මිත භාණ්ඩ මිලදී ගනිමින් දේශිය කර්මාන්ත නගා සිටුවීමට කටයුතු කිරීමය.ි පරිබෝජනයට ,ආහාරයට අවශ්‍ය සියලු දෑ මෙම මාතෘභූමියෙහි නොමදව පවත.ී විදේශ රටවල්හි නිෂ්පාදනයන් මත යැපීමට අවශ්‍ය වන්නේ නැත. සියලු දෑ අපගේ ස්වෝත්සහයෙන් නිර්මාණය කළ හැක. එහෙත් දේශිය කර්මාන්තකරුවාගේ ගැටලු අර්බුධ හදුනා ගත යුතුය. රජය විසින් ඔවුන්ට අවශ්‍ය සහන ,ණය පහසුකම් ලබා දෙමින් නිෂ්පාදන ආර්ථිකය නගා සිටුවීමට ඔවුන්ගේ ශ්‍රමයට නිසි වටිනාකමක් ලබා දිය යුතය. නව නිපැයුම්කරුවන් හට ඔවුන්ගේ නිර්මාණ කෙරෙහි අනුග්‍රහය ලබා දෙමින් ඔවුන් දිරි ගැන්විය යුතුය. නව තාක්ෂණයෙන් යුතු යන්ත්‍ර සූත්‍ර හදුන්වා දිය යුතුය. කර්මාන්තකරුවා බල ගන්වමින් ඔවුනට හිතකර වෙළදපොළ පරිසරයක් නිර්මාණය කර දෙමින් වැසී ගිය කර්මාන්ත ක්‍රමාණුකූලව නැවත ආරම්භ කළ යුතුය. රටේ දේශිය කර්මාන්ත, දේශිය කර්මාන්තකරුවා සහ දේශිය ව්‍යවසාකයා බලගැන්විය යුතුය. කර්මාන්තකරුවන්ගේ අභිමානවත් අවධියක් කර්මාන්ත පුරවරයක් ගොඩ නැගිය යුතුය. දේශිය නිෂ්පාදන මත යැපෙමින් දේශිය ආර්ථිකය සවිබල ගැන්වීමට ජනතාව වශයෙන් අපගේ වගකීම වන්නේ ස්වදේශිය නිෂ්පාදන රැල්ලක් නිර්මාණය කිරීමට දායකත්වය ලබා දීමයි.
නිසංසලා දිසානායක
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
සයිබර් අවකාශයේ අසීමාන්තිකව කියවන්න



Comments
Post a Comment