රුධිර පාරවිලයනයේ අතීතය
මේ දිනවල පවතින කොරෝනා
වසංගත තත්ත්වය හමුවේ රෝහල්වල රුධිර සංචිත හිගයක් පවතින බව ඔබ දන්නවා ඇති. මේ නිසා
හැකි අයට රුධිරය පරිත්‍යාග කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කර තිබේ. මෙලෙස වෙනත්
පුද්ගලයෙකුගේ රුධිරය ලබා දීම නැතිනම් රුධිර පාරවිලයනයේ ආරම්භය පිළිබද ඔබ දන්නවාද? රුධිර
පාරවිලයනයේ අතීතය පිළිබද තොරතුරු බිදකි මේ.........
රුධිර පාරවිලයනය ක්‍රි.ව.
1492 දක්වා ඉතා ඈත අතීතයේ සිට පැවත එන්නකි. ලොව පළමුවරට රුධිර පාරවිලයනය සදහා
උත්හාස දරා ඇත්තේ ක්‍රි.ව 1492 දීය. ඒ රෝමයේ වතිකානුවේදීය. එවකට වතිකානුවේ සිටි
පාප් වහන්සේ දැඩි සේ රෝගී වී ශරීරයේ රුධිර ප්‍රමාණය අඩු වී ඇත. රුධිරය ලබා දීම අත්‍යාවශ්‍ය
වී ඇත. එමනිසා වෛද්‍යවරු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ තරුණයින් තිදෙනෙකුගෙන් රුධිරය
ලබාගෙන පාප් වහන්සේට ප්‍රතිකාර කර තිබේ. නමුත් රුධිරය ලබා දුන් පසු තරුණයින්
තිදෙනාම මරණයට පත් වී තිබේ. එසේම පාප් වහන්සේද දින කිහිපයකින් ස්වර්ගස්ථ වී ඇත. මේ
අවාසනාවන්ත සිදුවීම නිසා වෛද්‍යවරු යළි රුධිර පාරවිලයනයට උත්සාහ දැරීම අතහැර දමා
ඇත.
වසර ගණනාවකට පසුව ක්‍රි.ව
1600දී එංගලන්තයෙන් යළි රුධිර පාරවිලයනය පිළිබද තොරතුරු හමුවේ. අසාධ්‍ය රෝගියෙකුට
බැටළුවෙකුගේ රුධිරය ලබාදී ප්‍රතිකාර කිරීමට එංගලන්ත වෛද්‍යවරු උත්සාහ දැරුවද බැටළු
ලේ මිනිස් සිරුරට නොගැලපීම නිසා රෝගියා මරණයට පත්වී ඇත. මිනිසාට මිනිස් රුධිරයම
ලබාදිය යුතු බවට මෙහිදී මතයක් ගොඩනැගී තිබේ. ක්‍රි.ව 1825 දී ඉංග්‍රීසි ජාතික වෛද්‍ය
ජේම්ස් බ්ලන්ඩර් විසින් රෝගීන් 10කට මිනිස් රුධිරය ලබා දී ප්‍රතිකාර කර තිබේ. ඉන්
සිව්දෙනෙකුට සුව වී ඇත. අනිත් හයදෙනා මරණයට පත් වී ඇත.
මේ අකාරයට සාර්ථක අසාර්ථක
අතර දෝලනය වන රුධිර පාරවිලයනය පිළිබදව සාර්ථක පර්යේෂණ සිදු කරන ලද්දේ ඕස්ට්‍රේලියානු
ජාතික වෛද්‍යවරයෙකි. ඒ කාල් ලෑන්ඩ්ස්ටයිනර් නම් වෛද්‍යවරයාය. ඔහු ඇමරිකාවට පැමිණ
මේ පිළිබදව පරීක්ෂණ සිදුකර තිබේ. කාල් ලෑන්ඩ්ස්ටයිනර් සත්වවේදී විද්‍යාඥයකු වුවද
රෝග නිධානය සෙවීම හා ප්‍රතිශක්ති වර්ධන ප්‍රතිකාර කිරීමේ ප්‍රවීණයෙකි. මොහු
රුධිරය පිළිබද පරීක්ෂණ සිදුකරමින් විටෙක රුධිරය ලබා දීම සාර්ථක වීමටත් විටෙක
අසාර්ථක වීමටත් හේතු අධ්‍යයනය කරන ලදී.
A, B, AB, O ලෙස රුධිර ඝන වර්ගීකරණය
කෙරෙන්නේ මෙම පරීක්ෂණ වල ප්‍රතිපලයක් ලෙසය. කාල් ලෑන්ඩ්ස්ටයිනර් මෙම පරීක්ෂණ සදහා
යොදාගත්තේ සාවුන්, වදුරන් ආදී සතුන්ය. එහිදී රුධිර පාරවිලයනය විටෙක සාර්ථක වීමටත්
විටෙක් අසාර්ථක වීමටත් හේතුව සොයා ගැනීමට ඔහු සමත් වී ඇත. වදුරන්ගේ රුධිරයේ අඩංගු
යම් සංඝටකයක් නිසා රුධිරය ගැලපීම් හා නොගැලපීම් සිදුවන බව කාල් ලෑන්ඩ්ස්ටයිනර්
හදුනාගෙන ඇත. මෙම වදුරන් රීයස් ලෙස හැදින්වෙන නිසා මෙම සංඝටකයද රීයස් සංඝටකය ලෙස
හැදින්වේ. රුධිරය පොසිටිව් හා නෙගෙටිව් ලෙස වෙන් කර ඇත්තේ මෙම රීයස් සංඝටකය මත
පදනම්වය. වෛදය කාල් ලෑන්ඩ්ස්ටයිනර්ගේ මෙම සොයාගැනීමත් සමග මිනිස් රුධිරය වුවද වර්ග
4කින් තිබෙන බවත් ඒ අනුව ගැලපෙන රුධිර වර්ගයෙන් රුධිර පාරවිලයනය සිදුකළ යුතු බව
තහවුරු විය.
වෛද්‍ය කාල්
ලෑන්ඩ්ස්ටයිනර්ගේ මෙම සොයා ගැනීම වෙනුවෙන් 1930 දී නොබෙල් ත්‍යාගය හිමිවිය. විවිධ
රෝග පිළිබද අධ්‍යයනයන් රැසක් සිදුකළ වෛදය කාල් ලෑන්ඩ්ස්ටයිනර් 1908 දී පෝලියෝ
වෛරසය සොයාගැනීමට ද සමත් වී ඇත. වෛදය කාල් ලෑන්ඩ්ස්ටයිනර්ගේ රුධිරය පිළිබද මෙම
විශිෂ්ඨ සොයා ගැනීම රෝගී ජීවිත රැසක් ගලවා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.





Comments
Post a Comment