මතු පරපුර වෙනුවෙන් පුරාවිද්‍යා උරුමයන් සුරකිමු
ශ්‍රී ලංකා පුරාවිද්‍යා ආඥා පණතට අනුව පුරාවස්තු යනු 1815 මාර්තු මස 2 වන දාට පෙර එනම් උඩරට ගිවිසුම අත්සන් තැබූ දිනට පෙර නිර්මාණය කරන ලද බවට විශ්වාස කරන කිසියම් වූ ගොඩනැගිල්ලක්, යම් ලෙස රැගෙන යා හැකි වස්තුවක් හෝ සංස්තෘතික අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කොට ප්‍රකාශ කරන ලද වසර 100 වඩා පැරණි ස්මාරකයක් පුරාවස්තු ලෙස සැළකේ.
රටක පුරාවිද්‍යාත්මක උරුමය අතීත මානව වර්ගයාගේ පැවැත්ම හා ක්‍රියාකාරකම් පිළිබද මූලික වාර්තාවක.ි මෙකී පුරාවිද්‍යාත්මක උරුමයන් සකලවිද ජාතීන්ට පොදු වස්තුවක.ි සැබවින්ම අප රටෙහි පුරාවිද්‍යාත්මක බිම්කඩවල් හතක් නම් කොට තිබේ. එනම් අනුරාධපුරය, සීගිරිය ,පොළොන්නරුව, මහනුවර, දඹුල්ල, ගාලු කොටුව හා සිංහරාජ වනාන්තරයයි. මෙයට අමතරව මෙම පුංචි දිවයිනේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන රාශියක් දක්නට ලැබේ. එහෙත් මෙකී ලෝක උරුමයන් මෙන්ම අනෙකුත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන වර්තමානය වන විට අතිශය ඛේදනීය තත්වයකට පත්වි හමාරය. ශ්‍රී ලාංකාවේ ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන පුරාවිද්‍යාත්මක උරුමයන් වර්තමාන ජන සමාජයේ ඇතැම් පුද්ගලයන්ගේ විනාශකාරී ක්‍රියාවන් හේතුවෙන් දිනෙන් දින විනාශ මුඛයට පත් වේ. අතීත සිදුවීම් දෙස හැරී බැලීමේදී 2012 වර්ෂයේ මාර්තු මස 17 වන දින කොළඹ ජාතික කෞතුකාගාරයට අයුතු ලෙස ඇතුළත්ව සොරකම් කළ කෞතුක භෘණ්ඩවල ලැයිස්තුව ඉතා දිගු විය. රන් ආලේපිත කස්තාන කඩු 7, කානේලියන් වර්ගයේ මැණික් ඔබ්බවන රන් මුදු 1 ක් , රීදී මුදු 18 , රන්කාසි 93 ,රිදී කාසි 50 ක්, ඊයම් කාසි 9ක් ,නෝට්ටු 34 ක්, නුගවෙල අධිකාරම් විසින් භාවිතා කරන ලද මැණික් ඔබබ්වන ලද බස්තම් 2 ක්, අත්මිටි කොටස් 2 ආදී පුරාවිද්‍යාත්මක වටිනා කමක් සහිත භාණ්ඩ රැසක් සොරාගත්හ. මෙවැනි බරපතල මංකොල්ලකෑමෙහි පෙළඹුණු පුද්ගලයන් දේශපාලන අතපෙවීම් හට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක වූවාද යන්න ප්‍රශ්නාර්ථයක.ි මෙවැනි උරැමයන් ඉදිරි පරම්පරාවට දැක බලා ගැනීමට සුරක්ෂිතව රැක බලා ගන්නවා වෙනුවට එවැනි උරැමයන් මංකොල්ල කා විනාශ කරන පරපුරක් බිහි වී කණගාවට කරුණක.ි
එමෙන්ම මෑත කාලීනව සිදු වූ කුරුණෑගල නගරාධිපතිවරයා විසින් සිදු කළ අත්තනෝමතික ක්‍රියාව සමාජයේ දැඩි ලෙස විවේචනයට බඳාුන් විය. 13 වන සියවසේ බුවනෙකබාහු රජු විසින් ඉඳාි කලා යැයි කියන රාජසභා ගොඩනැගිල්ල කඩා බිද දැමීම පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතුය. නමුදු එවැනි විශාල වරදක් සිදු කළ පුද්ගලයන් හට නීතියෙන් දඩුවම් හිමි වූවා ඔවුන් තවමත් නිදැල්ලේය. බලධාරින් මෙලෙස අත්තනෝමතික ලෙස රටේ පුරාවිද්‍යාත්මක සම්පත් විනාශ කිරීම සම්බන්ධව රජය විසින් දැඩි පියවර ඔවුන් කෙරෙහි අනුගමනය කළ යුතුය. එමෙන්ම මෑත කාලීනව සිදු වූ තවත් සිදුවීමක් ලෙස මැදිරිගිරිය වටදාගෙය භූමියේ ඇති පෞරාණික ස්ථාන නිධන් කොල්ලකරුවන් විසින් විනාශ කර දමා එහි ඇති නිධන් වස්තු රැගෙන ගොස් ඇති බව මාධ්‍ය තුළ වාර්තා විය. මෙහි සිටින ආරක්ෂකයන්ගේද අනු දැනුම අනුව මෙවැනි කොල්ල කෑම් සිදු වේ. මෙවැනි වටිනාකමින් යුතු ස්ථාන භක්තිසම්පන්න ලෙස ආරක්ෂා කළ යුතුය. මෙවැනි මංකොල්ලකරුවන් සෙයා දැඩි දඩුවම් ලබා දිය යුතුය. පුරාවිද්‍යාත්මක භූමිය වටා දැඩි ආරක්ෂක පද්ධතියක් සකස් කළ යුතුය.
දිනෙන් දින අධම පුද්ගලයන් විසින් පුරාවස්තූන් හට හානි සිදු කරත.ි එනම් පුරාවස්තු හා කෞතුක වස්තු කොල්ලකෑම, ස්මාරක විනාශ කිරීම ,අවිධිමකත් ඉදිකිරීම්, සංවිධානාත්මකව සිඳාු කරන පුරාවස්තු ජාවාරම්, අවිධිමත් සංවර්ධන කියාදාමයන්, පුරාවිද්‍යා ක්ෂේ්‍රත්‍ර වල අනවසර පදිංචි වීම්, පුරාවිද්‍යා ස්ථාන හුදකලා වීම හා වල් වැදීම ආදී වූ හේතුන් නිසාවෙන් පුරාවිද්‍යා උරුමයන් තක්කඩි දේශපාලඥයන්ගෙන් හා පුරාවිද්‍යා මංකොල්ලකරුවන්ගෙන් මෙම පෞඪ ඉතිහාසයකට හිමි කම් කියන පූජනීය වස්තූ දිනෙන් දින විනාශ මුඛයට පත්වන්නේය.
සැබවින්ම පුරාවිද්‍යාත්මක උරුමයන් සුරැකීමෙහි ලා පුරාවිද්‍යා බලධාරින්ට මෙන්ම පොදු මහජනතාවටද පුවිශේෂී වූ වගකීමක් උර මත පැවරී තිබේ. මතු පරපුර වෙනුවෙන් මෙකී උරුමයන් රැක ගැනීම සඳාහා බහුතරයක් වූ පහළ ස්ථරයේ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීම පුරාවිද්‍යා බලධාරින්ගේ වගකීමකි. මක්නිසාද යත් බහුතරයක් පිරිස් මේ ගැන දැනුවත් නොවීමයි. උරැමයන් පිළිබද නිවරදි දේශපාලන ප්‍රතිපත්තියක් ඇති කළ යුතුය, පුරාවිද්‍යාත්මන ස්ථාන නිසි ලෙස කළමනාකරණය කළ යුතුය. දැඩි නීති රෙගුලාසි සම්පාදනය කරමින් වැරදි කරුවන්ට නීතිය නිවරදි ලෙස ක්‍රීයාත්මක විය යුතුය. එසේ නැතහොත් සිදු වන්නේ සංස්කෘතික සම්පත් දිනෙන් දින විනාශ වීමයි. එම උරුමයන් විනාශ වීමට ඉඩ නොදී මතු පරපුර වෙනුවෙන් පුරාවිද්‍යාත්මක ස්ථාන සුරැකීමට අප සියලු දෙනා වගකීමෙන් යුතුව පෙළ ගැසෙමු.
රාජිනි නිසංසලා
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය



Comments
Post a Comment