හිරෝෂිමාව දැවී අළු වී හැත්තෑපස් වසරයි
හිරෝෂිමාව දැවී අළු වී හැත්තෑපස් වසරයි
ජපානයේ හිරෝෂිමා නගරයට එල්ල වූ ලොව ප්‍රථම අති දරුණු පරමාණු බෝම්බ ප්‍රහාරය සිදු වී ඊයේ දිනයට වසර හැත්තෑ පහකි. 1945 අගෝස්තු මස 6 වෙනි දින පුපුරා ගිය ලිට්ල් බෝයි යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ එම පරමාණු බෝම්බ ප්‍රහාරය හිරෝෂිමා නගරය මුළුමනින් විනාශ කරනු ලැබුවේ අහිංසක ජීවිත ගණනාවක් ලෝකයට අහිමි කරමිනි. තුන් ලක්ෂ පනස් දහසක් පමණ වූ ජනගහනයෙන් එක්ලක්ෂ හතලිස් දහසක පමණ වටිනා මිනිස් ජීවිත ලෝකයට අහිමි වූවා සේම සහ විකිරණ ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් තවත් දහස් ගණනක ජීවිත අකාලයේ මිලින විය. එදා මෙදා තුර කාලයේදී මානව ප්‍රජාවකට එල්ල වූ දරුණුම සහ විශාලතම පරමාණු බෝම්බ ප්‍රහාරය ලෙස මෙය හඳුනාගත හැකිය. මිනිසුන් යොදාගෙන සිදු කරනු ලැබූ ලෝක ඉතිහාසයේ අපකීර්තිමත්ම සහ භෞතික විද්‍යාත්මක මෙන්ම රසායනික විද්‍යාත්මක අත්හදා බැලීමක් ලෙස ද මෙකී ප්‍රහාරය පෙන්වා දිය හැකි ය. ජපානය පරාජය අභිමුව සිටින බව දැන දැනම මිත්‍ර හමුදාව ජපානයේ සිවිල් වැසියන්ට එල්ල කළ බිහිසුණු ප්‍රහාරය ලෙසත් හිරෝෂිමා පරමාණු බෝම්බ ප්‍රහාරය නම් කළ හැකි ය.
ජපානයේ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ එල්ල වන මොහොතේ දී සැබැවින්ම ජපානය යුධ ශක්තිය අතින් ඉතා දුර්වලව සිටි අතර පරමාණු බෝම්බ හෙලන මොහොත වන විට ඉතිරිවී සිටි ජනගහනයෙන් බහුතරයක් වූයේ ළමුන් සහ කාන්තාවන්වන් ය. (1941) දී ඇමෙරිකානු විසින් ජපානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ අතර ඇමරිකානු ජනපති තියඩෝර් රූස්වෙල්ට් සඳහන් කරනු ලැබුවේ පර්ල් වරායට කළ පහර දීමට ප්‍රතිප්‍රහාරයක් ලෙස ජපානයට පරමාණු බෝම්බ හෙළනු ලැබූ බවයි . සුදු ජාතිකයන් යනු උසස්ම ජාතිය ලෙස සිතූ ඇමරිකානුවන් එකල ජපන් වැසියන් හඳුන්වනු ලැබුවේ කහ වඳුරන් ලෙස ය . පරමාණු බෝම්බ හෙලීමට අණ දුන් ජනරාල් කර්ටිස් ලී මේ වන විටත් හොන්ෂු දූපතේ සෑම නගරයක් වෙතම බෝම්බ ප්‍රහාර එල්ල කර තිබිණි. එයට සතියකට පෙර පනස් දහසකට වඩා ජනගහනයක් ජීවත්වූ ජපන් නගර විසිහයක් තෝරාගෙන ඒවාට ද බෝම්බ ප්‍රහාර එල්ල කර තිබිණි. ඉන් සිවිල් වැසියන් ලක්ෂ පහක් මිය ගොස් සිටි අතර (1945) මාර්තු 9 - 10 අතර රාත්‍රි කාලයේ දී ටෝකියෝ නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් එක් රැයක් තුළ ලක්ෂයක ජීවිත අහිමි විය. “බෝම්බ හෙලීමටත් ජපානයේ නගර ඉතිරි වන එකක් නැත” ලෙසින් ජනරාල් ලී මැක් සඳහන් කරනු ලැබී ය.
ජපානය යුද්ධය හමුවේ අසරණව සිටින බව හඳුනාගත් ඇමරිකාව පරමාණු බෝම්බ ප්‍රහාර එල්ල කරනු ලැබුවේ සිය ජයග්‍රහණය තමන්ට නිරායාසයෙන්ම හිමිවන බව අවබෝධ කරගනිමිනි. අවසානයේ දී දෙනුවරට එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් ලක්ෂ 2-5ත් අතර ප්‍රමාණයක සිවිල් වැසියන් පිරිසක් මිය ගියහ. කෙසේ වෙතත් අන්තර්ජාතික නීතිය යටතේ මෙවැනි බිහිසුණු ප්‍රහාරයන් තවදුරටත් සාධාරණීකරණය වන්නේ කෙසේද යන්න ගැටලුවකි. ජපානයේ හිරෝෂිමා නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරය අදටත් අඳුරු මතකයන් ජපානය තුළ ඉතිරි කර ඇත. අදටත් අඳුරු සෙවණැලි මිනිස් ජීවිත තුළ දැකගත හැකිය. හැත්තෑ පස්වෙනි වසරක් වන අවස්ථාවේ දී යළිත් ලෝකයේ කිසිඳු රටකට මෙවැනි බිහිසුණු, දරුණු ප්‍රහාරයක් කිසිඳු දිනෙක සිදු නොවේවා යන්න අසීමාන්තික අපගේ ප්‍රාර්ථනයයි.
හංසනී දිල්හාරා
ජනසන්නිවේදන අධ්‍ය්‍යන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
Comments
Post a Comment